Tuesday, August 30, 2016

දරු ප්‍රසූතියෙන් පසු?

දරු ප්‍රසූතියෙන් පසු?

යුබෝවන්! අද දවස ඔබට කෙසේද? අද මා සාකච්ඡා කිරීමට බඳුන් කරන්නේ විශේෂ මාතෘකාවක් පිළිබඳවයි! මාගේ බ්ලොගයේ දිගු නිහැඬියාවකින් පසු නැවතත් ඔබ වෙත කරුණු දැක්වීම පිළිබඳ මා බෙහෙවින් සතුටට පත් වෙමි. 


පළමුවෙන් ම මා සකච්ඡා කිරීමට යනුයේ ඔබ දරුවා ප්‍රසූත කළ ආකාරය අනුව ඔබට සිදුවන වෙනස්කම් සහ ඒවාට මුහුණ දෙන අාකාරය වේ. 

ස්වභාවික යෝනි මාර්ගික දරු උප්පත්තිය



ස්වභාවික දරු උපතකදී ඔබගේ ශ්‍රෝණි මේඛලාව සහ ගැබ් ගෙල අෑත් වීමකට ලක් වී යෝනි මාර්ගය දිගේ දරුවාගේ හිස කොටස එළියට පැමිණේ. එහිදී යෝනියද ඇදීමකට ලක්වී කෙමෙන් දරුවාගේ හිස පිටස්තර පරිසරයට පැමිණේ. ඇතැම් විට යෝනි විවරයෙහි ඉඩ ප්‍රමාණය වැඩි කිරීමට වෛද්‍යවරයා යෝනියත් ගුද මාර්යත් අතර ඇති පෙදෙසට කැපුමක් යොදනු ලැබේ. 


  • මෙවන් කැපුමක් සිදු කළහොත් එය සුව වන තුරු යෝනිය සහ තුවාලය ආශ්‍රිත පෙදෙස හැකි තරම් වියලිව සහ පිරිසිදුව තබා ගත යුතුය 
  • දරු ප්‍රසූතියෙන් පසු වැදෑමහ සහ තවත් ශ්‍රාවයන් පිටවන නිසා විශේෂ සනීපාරක්ෂක තුවා පැළඳා සිටීම සුදුසු වේ 
  • ශ්‍රෝණි මේඛලාව සහ ගැබ් ගෙල සහ යෝනිය දිගැදුමකට පත් වීමට නැවත යතා තත්වයට පත් වීමට යම් කිසි කාලයක් වැය වේ. දෙවනුවට ඔබට ඔබගේ යෝනියේ පළමු ප්‍රසූතයට පෙර තිබූ තද ගතිය නැති බව හැඟෙනු ඇත. ඒ සඳහා ඔබ මාගේ පෙර ලිපි වල සඳහන් කීගල් ව්‍යායාම පද්ධතිය කිරීම ඔබගේ යෝනි බිත්ති යතා තත්වයට පත්කිරීමට මහත් පිටිවහලක් වනු ඇත. 



වෛද්‍ය සහය ආධාරයෙන් / තෝරාගත් දරු උපත් ක්‍රමවේද / සිසේරියන් සැත්කම

සිසේරියන් සැත්කම කිරීමේදී ඔබගේ යටිබඩ ප්‍රදේශයෙන් කැපුමක් සිදුකර විවෘත කොට ගර්භාෂයේද කැපුමක් යොදා දරුවා බිහිකරනු ලැබේ. මෙහිදි ස්වාභාවික දරු උපතක මෙන් සංකුලතා සිදුවීම අවම වන අතර ශ්‍රෝණි මේඛලාව සහ ගැබ් ගෙල සහ යෝනිය දිගැදුමකට පත් වීම සිදුවන්නේ නැත. 
  • මෙහිදී සැලකිලිමත් විය යුතු කරුණ නම් මෙම සිදුකරන කැපුම සහ එම තුවාලය පිරිසිදුව සහ වියළිව තබා ගැනීමයි. 
  • සාමාන්‍ය දරු ප්‍රසූතියකට වඩා , සිසේරියන් සැතකමෙන් පසු යෝනිය හරහා ලේ සහ ශ්‍රාවයන් පිටවන නිසා විශේෂ සනීපාරක්ෂක තුවා පැළඳා සිටීම සුදුසු වේ. 
  • වෛද්‍යවරුන් විසින් වේදනා නාශක සහ ඇන්ටිබයොටික් ඖෂධ ලබා දෙන අතර ඒවා නිවැරදි වේලාවට නිවැරදි මාත්‍රාවට ලබාගත යුතුය 



කෙසේ වෙතත් අලුත දරුවකු බිහි කළ මවුවරුනට ඇති ප්‍රධානම ගැටළුව නම් දරුවාට කිරි දීමයි. මෙය මුලින් වේදනාකාරී අත්දැකිමක් වීමට වැඩි ප්‍රවණතාවක් ඇත. මක් නිසාද යත් තනපුඩු තවමත් කිරි දීමට හුරුවී නොමැති වීමත් එනිසාම එය ඉදිමීමට සහ පැසවීමට ඉඩ ඇති නිසාය. මේ සඳහා ඔබට ඔලිව් තෙල් තනපුඩු වල ආලේප කිරීමෙන් යම් සහනයක් ගත හැකිය.

ව්‍යායාම කිරීම



ඔබ දරුවා බිහිකරන තුරු ඔහුගේ/ඇයගේ බර දරාගෙන සිටීම උදෙසා ඔබගේ ඉරියව්ව ස්වභාවිකම වෙනස් වේ. එසේම ඔබගේ උදර මාංශපේශීන් ඉතා ඇදීමටක ලක් වේ. එවිට එම මාංශපේශීන් දුර්වල වේ. විශේෂයෙන්ම පිට කොන්ද ආශ්‍රිත මාංශපේශින් සහ උදර මාංශපේශීන් මෙලෙස දුර්වල වේ.ව්‍යායාම වලින් තොරව මෙම මාංශපේශින් නැවත යතා තත්වයට පත් කළ නොහැක. ඇතැම් විට ඔබගේ උදරයේ තිබූ ඇදුනු සලකුණු (Stretch marks) නැති නොවනු ඇත.


සාමාන්‍ය දරු උප්පතියකින් සති 6 කට පසු සුළු ව්‍යායාම වලින් පටන් ගෙන එය වර්ධනය කරගත හැකිය. එහෙත් සිසේරියන් සැත්කමකින් පසු අවම වශයෙන් මාස 3ක් වත් සිටිය යුතු වේ. මක්නිසාද යත් කැපුමකට ලක් වූ සියලු මාංශපේශීන් නැවත යතා තත්වයට පත්වීමට එතරම්ම කාලයක් යන බැවිනි. මෙම ව්‍යායාම කිරීම සඳහා සුදුසු උපදෙස් වෛද්‍යවරයාගෙන් ලබාගත හැකි අතර ලංකාව තුළ මෙම ව්‍යයාම සිදුකිරීම සඳහා ආයතන සුළු ප්‍රමාණයක් පවතී.

නැවත ලිංගික එක්වීම



දරු ප්‍රසූතියෙන් මාස 03 පමණ පසු ඔබට ලිංගිකව එක්වීමට පුළුවන. එහෙත් කිරි දෙන අවධියේදී ශරීරයේ ඊස්ට්‍රජන් හෝර්මෝනය පහළ යෑම නිසා ලිංගික ආශාව පහත වැටීමත් , යෝනි මාර්ගය වියළි බව ඇති වීමත් නිසා ලිංගිකව එක්වීම වේදනාකාරී විය හැකිය. එබැවින් ලිංගිකව එක්වන්නේ නම් ලිහිසි ද්‍රාවණයක් බාවිත කරන්නේ නම් යෝග්‍ය වේ. කෙසේ වෙතත් මේ අවධියේදි නැවතත් ඔසප් වීම ඇතිවිය හැකිවාක් මෙන්ම එය අක්‍රමවත් වීමේ සම්භාවිතාවක්ද පවතියි. තවද ඔබ නැවත ගැබ් ගැනීමේ සම්බාවිතාවක්ද පවතී. එබැවින් වෛද්‍ය නියමය මත උපත් පාලන ක්‍රම බාවිතා කරන්න. ඔබට දරුවකු සෑදීමට අවශ්‍ය නම් අවම වශයෙන් පෙර දරුවාට වසරක් වන තුරු වත් පවුල සැලසුම් කරන්න


එසේම ඔබට ලිංගිකව එක්වීම වේදනාකාරී නම් ඔබගේ සහකරු සමග සාකච්ඡා කොට සම්මුතියකට පැමිණෙන්න. ඔහුගේ ආශාවන්/ අවශ්‍යතාවන් ඉවත දමන්න එපා! ලිංගිකව එක් වන වා සේම වෙනත් ආකාර වලින් ඔබගේ සහකරු සැනසිය හැකිය.
Specil thanks for

ආදරය , ලිංගිකත්වය හා ලිංගික අධ‍්‍යාපනය (love , sex , sex education)

Read More »

පිරිමින්ගේ සුරාන්තය සහ ඖෂධ! - Male Climax and Pharmaceutical Drugs !


මා හට ලැබෙන අතිමහත් ගැටළු වලින් එකක් වන පිරිමින්ගේ සුරාන්තය සහ එයට අදාළ ගැටළු කිහිපයකට පිළිතුරු වශයෙන් මෙම ලිපිය ලිවීමට අදිටන් කළෙමි. මෙවැනි ලිපි ලිවීමට මා හට ධෛර්යය ලබා දෙන පාඨක ඔබ සැමට මාගේ කෘතඥතාවය මෙයින් පළ කර සිටිමි.මෙම ලිපියට පෙර මා විසින් පළමුවෙන්ම ලියූ ලංකාවේ කොල්ලන්ගේ හා කෙල්ලන්ගේ දැනුම  යන ලිපියෙන්ද මේ පිළිබඳව විස්තර කර ඇත්තෙමි. එහෙත් තවත් විස්තර සහිතව මෙම ලිපිය ලිවීමට මම අදහස් කළෙමි.

ඇත්තෙන්ම පිරිමි යන කොට්ඨාශය සෑදී ඇත්තේ තම වර්ගයා හැකි පමණ බෝ කිරීමටය. මේ සඳහා ස්වභාවධර්‍මය විසින් ලබා දී ඇති දායාදයක්  ලෙස ඉක්මනින් ශුක්‍රාණු පිට කිරීමේ යාන්ත්‍රණය හඳුන්වා දිය හැකිය. මෙය විනාඩි 3 සිට විනාඩි 10 දක්වා දිගු විය හැකිය. එහෙත් වත්මන් සමාජය තුළ පිරිමියා දිගු කාලයක් ලිංගික ක්‍රියාවෙහි යෙදීම ඉස්මතු කර ඇති බැවින් ( විශේෂයෙන් කාමුක නිල් චිත්‍රපට වල) පිරිමියාට දැඩි පීඩනයක් එල්ල වී ඇත. බොහෝ පිරිමින් තම ලිංගිකත්වය පිළිබඳ මානසිකත්වය සාදා ගන්නේ නිවැරදි පොත පත ආශ්‍රයෙන් හෝ නිවැරදි දැනුම ඇති අය ආශ්‍රයෙන් නොවන බව මා පුන පුනා පවසන කාරණයකි. ඇතැම් පිරිමින් සිතා සිටිනුයේ ලිංගික කර්තව්‍යය විනාඩි 45 ක් පමණ අල්ලාගෙන සිටිය හැකි දෙයක් ලෙසය. ස්වභාවිකව එකදිගට එය එසේ කළ හැකි පිරිමියෙක් වෙතොත් මම ඔහුට ඊර්ශ්‍යා කරමි. ඔහුගේ සහකාරියට ඔහු , ඇය ලැබූ මෙලොව උතුම් ම ත්‍යාගය වනු ඇත. මා දැන් ඔබ සමග සාකච්ඡා කිරීමට යන කරුණු මුළු පිරිමි සමාජයට මෙන්ම ලිංගික ඇසුරක් පවත්වන සියලුම කාන්තාවන්ට වැදගත් වන අතර , පිරිමි තමාගේ හැකියාව පිළිබඳව ඇති හීන/අධි මානය සහ කාන්තාවන් පිරිමින්ගෙන් බලාපොරොත්තු වන දේ පිළිබඳ නව අරුතක් මෙන්ම නව මානයක් ද පැනනංවනු ඇත.

විද්‍යාඥයන් හා ලිංගිකත්වය පිළිබඳ විශේෂඥයන්ගේ පර්යේෂණ අනුව යම් පිරිමියෙකු ලිංගිකව එකතු වී සුරාන්තයට පත්වීමේ අරමුණින් එක දිගට තම ලිගුව ඇතුළු කරන්නේ නම් ඔහු විනාඩි තුනත් දහයත් අතර තුර කාලයේදී සුරාන්තයට පත්වේ. එහෙත් මෙය පිරිමියාගේ ලිංගික දරාගැනීම , මානසික තත්ත්වය ආදී දේ මතද සහකාරියගේ යෝනිය කෙතරම් තෙතමනය ඇත්ද , යෝනිය කෙතරම් තද ද යන්න මතද රඳා පවතියි. මෙම ලිංගික ක්‍රියාවේ ආරම්භයේ සිට සුරාන්තයට පත්වීමට ගත වන කාලය වැඩි කරගැනීමට ස්වභාවික ක්‍රම කිහිපයක් ඇත.

  • සිත වෙනතකට යොමු කිරීම
ඇත්තෙන්ම මෙය මඳක් අපහසු වනුයේ අප මෙයට නුහුරු බැවිනි. මක්නිසාද ලිංගික කර්තව්‍යයේ යෙදෙන පිරිමියෙකුගේ මනසේ ස්වභාවයෙන්ම ඇත්තේ හැකි පමණ ඉක්මනින් සුරාන්තයට පත්වීමයි. එබැවින් මෙම මානසිකත්වය වෙනස් කිරීමට සිත වෙනතකට යොමු කිරීම මගින් සුරාන්තයට පත්වීමට ලැබෙන ස්නායුමය පීඩනය මඳක් වෙනස් කළ හැකිය.
  • නවතා නැවත ආරම්භ කිරීම
සුරාන්තයට ළඟා වීමට ආසන්න වන විට ලිගුව ඇතුළු කිරීම නවතා මඳ විවේකයක් ගැනීමෙන් සුරාන්තයට පත්වීමේ විභවය පහත හෙළිය හැකිය. 
  • සෙමෙන් සෙමෙන් ලිඟුව තල්ලු කිරීම
බොහෝ පිරිමි ලත් තැනම ශිඝ්‍රගාමී ගමනේ යෙදෙති. මෙය දිගු වේලාවක් රතිකෙළියෙහි රැඳීසිටීමට විශාල බාධාවකි. තම සහකාරිය සමග සුහද ආලිංගනයේ යෙදෙමින් සෙමෙන් සෙමෙන් මෛථුන්‍යයේ යෙදෙන්න.
  • ඉරියව් මාරු කිරීම සහ තම සහකාරිය සහ තමා ලිංගික ක්‍රියාවෙහි මාරුවෙන් මාරුවට මුල්තැන ගැනීම
පිරිමියාට සහ ගැහැණියට ආශ්වාදය විවිධ අයුරින් ලැබෙන ලිංගික ඉරියව් බොහෝ ප්‍රමාණ ඇත. එලෙසම පිරිමියාට මෙන්ම ගැහැණියටද ලිංගික ක්‍රියාවෙහි මුල්තැන ලබාගත හැකි ඉරියව්ද ඉහත ඉරියව් කුලකයේ පවතියි. මෙලෙස ඉරියව් මාරුකිරීම සහ රිද්මයේ වෙනස් කම් කිරීම් මතින් ද සුරාන්තයට ළඟා වීමේ විභවය අඩුකරගෙන දිගු වේලා මෛථුන්‍යයේ යෙදිය හැකිය.

  • කීගල් ව්‍යායාම කිරීම 
කාන්තා සුරාන්තය පළමු කොටස හිදී මා සඳහන් කළ PC මාංශපේශි ව්‍යායාමයන් පිරිමින්ටද අතිශය වැදගත් වනුයේ ඔවුනට සුරාන්තය පාලනය කිරීමක් PC මාංශපේශි පාලනය කිරීමට ඉගෙන ගැනීම කළ හැකි බැවිනි.

 ඉහත කරුණු ස්වභාවික දේ වුවද බොහෝ පිරිමින් තම වින්දනය මෙන්ම තම හීන මානය නැති කරගැනීමට බොහෝ ඖෂධ වෛද්‍ය අනුමැතියකින් තොරව භාවිත කරයි. මෙවැනි බොහෝ ඖෂධ ලිංගික බෙලහීනතාවයට ලබාදෙන ඖෂධ වේ. ඇතැම් මෙවැනි ඖෂධ වල අතුරුප්‍රතිඵල ලෙස ලිඟුව ප්‍රාණවත් වීම සැලකිය හැකිය. පැරසිටමෝල් වැනි එදිනෙදා බොහෝ දෙනා භාවිතකරන  වේදනා නාශක වලද අතුරු ආබාධ පිළිබඳ කිසිදු දැනුමක් අපහට නැති නම් ; මෙවැනි ඖෂධ භාවිතයෙන් සිදුවන අතුරු ආබාධ පිළිබඳ අපට වැටහීමක්  කොහෙත්ම නැතිබව අප වටහා ගත යුතුය. කෙසේ වෙතත් මෙවැනි  ඖෂධ භාවිතයෙන් ලිංගය ප්‍රාණවත්ව තබාගත හැකි අතර දිගු වේලාවක් සුරාන්තයට පත්වීමට ගතවේ. එහෙත් මෙය සහකාරියට කෙතරම් දුරකටසුඛදායී වේ දැයි මම නොදනිමි. එය ඔබ තීරණය කළ යුතු දෙයකි.
අවසානයේ බුද්ධිමත් ඔබට මා ඔබට ඉතිරි කර යන ගැටළුව නම් : 

ස්වභාවිකව මැරතන් තරගයක් දුවනවාද නැත්නම් තහනම් උත්තේජක අරගෙන තරගයෙන් ඉවත් වනවාද යන්නයි!

Special thanks for

Read More »

සුරාන්ත(ය) - කාන්තාවන්ට අතිවිශේෂයි! - දෙවන කොටස


මෙම ලිපිය මාගේ කාන්තාවන්ගේ සුරාන්තය පළමු කොටස  සහ සුරාන්තයේදී කාන්තා දියවිදුම යන ලිපි හා බැඳේ. පෙර ලිපි වලදී , ශ්‍රෝණිය පෙදෙසේ හෙවත් ශරීරයේ ඉදිරිපස පෙදෙසට මුහුණලා , යෝනි මාර්ගය තුළ අඟල් දෙකක් පමණ ඇතුළතින් ඇති පීඩනයට සංවේදී ස්ථානයක් ඇති බවත් , ප්‍යුබෝකොක්සිගස් යනුවෙන් මාංශපේශි ඇති බවත් ඒවා ශක්තිමත් කර ගැනීමෙන් විශිෂ්ට සුරාන්ත(ය) ලඟා කර ගත හැකි බවත් පැවසිනි. මෙම ලිපි වලට මහත් ප්‍රතිචාර තිබූ බැවින් මෙහි දෙවන කොටසක් ලෙස එහිම අටුවාවක් ගෙන හැර දක්වමි.

කාන්තාවන්ට සුරාන්තයට ළඟා වීමට ප්‍රධානතම බාධාවක් වනුයේ ඔවුනගේ ලජ්ජාවයි. එය සත්‍යයකි. සුරාන්තයට ළඟා වන විට තමා සතුව තිබූ සියලු ම මානසික සහ කායික පාලනයන් ගිලිහී යයි. සුරාන්තයට ආසන්නයේදී මෙම පාලනය තබා ගැනීමට උත්සහ කැරෙන කාන්තාවනට සුරාන්තයන් ළඟා කර ගැනීමට ඉතාමත් අපහසු වේ. මෙම පාලනය තබා ගැනීමට උත්සහ කෙරෙන මූලිකම හේතුව , තම සහකරුවා තමා පිළිබඳ වැරදි ලෙස දකීවි හෝ තමාට නිග්‍රහ කරයි හෝ තමාට විසුළු කරයි යන බිය වේ. ඇත්තම කාරණය නම් සහරුවාට අවශ්‍ය වනුයේ  (ඇත්තෙන්ම අරමුණ වනුයේ ) ඔබට හොඳ සුරාන්තයක් ලබා දීමටයි. ඔබට සුරාන්තයක් ළඟා කරදීමට ඔහු අපොහොසත් වුවොත් , ඔහුද මානසිකව ඇදවැටෙනු ඇත. මෙය ඉංග්‍රිසියෙන් help you , help me හෙවත් ඔබට උදව් කිරීමෙන් මටද උදව් ලැබේ යන සිද්ධාන්තය හා බැඳේ.

කාන්තාවන්ට විශේෂයෙන් සුරාන්ත ළඟා කරගත හැකි ඉරියව් කිහිපයක්ද පවතී. මේ අතුරින් සුනඛ ඉරියව්ව (Doggy position- Rear Entry ) , වැඩිදියුණු කරන ලද මිශනාරි ඉරියව්ව ( Modified Missionary position - front entry) , ගොපලු කෙල්ල අනික් පැත්තට ( Reverse Cow Girl - Seated ) , ගැට්ට මත ( On the edge - seated front entry ) ආදී වූ ඉරියව් කිහිපයක් වෙයි. මේවා මඳක් විමසා බලමු.

  1.  සුනඛ ඉරියව්ව (Doggy position- Rear Entry )

  2.  වැඩිදියුණු කරන ලද මිශනාරි ඉරියව්ව ( Modified Missionary position - front entry 
  3. ගොපලු කෙල්ල අනික් පැත්තට ( Reverse Cow Girl - Woman on top )
  4. ගැට්ට මත ( On the edge - standing front entry ) 
මේ මම ද අනුගමනය කරන යම් ඉරියව් ප්‍රමාණයකි. ඇත්තෙන්ම සහකරුට , තමාගේ සහකාරියට දිය හැකි උතුම් ම තෑගි වලින් එකක් ලෙස සුරාන්තය ලබා දීම හුවා දැක්විය හැකිය. මේ හැම ඉරියව්වකම ජී තිත පිරිමැදෙන අතර උසස් වින්දනයක් ලැබිය හැක. එසේම සමහර කාන්තාවනට ජී තිත පිරිමැදීම වේදනාකාරී හෝ අපහසුතා දෙන කරුණක් විය හැකිය.

සුරාන්තයක් ලැබීමේදී  හා ඒ අතරතුර කාලයේදී කාන්තාවකගේ සිදුවන කායික විපර්යාසයන් සැකවින් දක්වමි. මිනිසාට මෙන්ම දෙපයින් නැගී සිටින ක්ෂිරපායි සතුන් (වානරයන්) තම හැඟීම් මුහුණ මගින් පෙන්වයි. සුරාන්තයේ දීද මිනිසාගේ මුහුණේ ඉරියව් අනන්‍ය ලෙස වෙනස් වේ.
  • තනපුඩු විශාල වීම සහ තනපුඩුව ආශ්‍රිත තද පැහැති ප්‍රදේශය විශාල වීම සහ තවත් තද පැහැ වීම.
  • මුහුණ ආශ්‍රිත පෙදෙසෙහි රතු වීමක් දක්නට ලැබීම
  • හුස්ම ගැනීමේ වේගය වැඩිවීම.
  • මුහු‍ණෙහි ඉරියව් වෙනස් වීම ( වේදනාව හෝ සතුට හෝ මිශ්‍ර).
  • යෝනි ශ්‍රාවයන් වැඩි වීම
  • අතපය තද වීම
  • යටි බඩ පෙදෙස සහ ගුද මාර්ගික පෙදෙසෙහි අනිච්ඡානුග ගැස්ම ඇතිවීම
  • සන්තෘෂ්ටිය දනවන හඬ පිට කිරීම
  • හෘද ස්පන්දන වේගය වැඩි වීම
  • දහඩිය දැමීම
  • (ඇතැම් විට) දිය විදුම
Read More »

සුරාන්ත(ය) - කාන්තාවන්ට අතිවිශේෂයි! | Orgasm(s)- specially for ladies

සුරාන්ත(ය) - කාන්තාවන්ට අතිවිශේෂයි! | Orgasm(s)- specially for ladies

මම සති කිහිපයක් කල්පනා කිරීමෙන් අනැතුරුව කාන්තාවන්ගේ සුරාන්තය පිළිබඳ යම් විවරණිකාවක් ගෙන හැර දැක්වීමට ඉටා ගතිමි.  ඇත්ත වශයෙන් ම මෙම ලිපිය කියවන බොහෝ දෙනා සුරාන්තය යන්න කුමක්දැයි යන්තමින් හෝ දන්නවා ඇතැයි සිතමි.

ඇත්තෙන්ම කාන්තාව යනු  හාත්පසින්ම ලිංගික කර්තව්‍යයෙහිදී පිරිමින්ට වඩා වෙනස් අයුරින් ආශ්වාදය හෝ අත්දැකීම් ලබන කොට්ඨාශයකි. කාන්තාව පිරිමින් මෙන් ක්ෂණිකව ලිංගිකව උද්දීපනය නොවන අතර බොහෝ විට ස්පර්ශය , පරිසර උෂ්ණත්වය , ආරක්ෂාකාරී වටපිටාව , මානසික තත්ත්ව ආදී බොහෝ කරුණු මේ සඳහා බලපායි. ඇතැම් විට ඔබ නොදන්නවා වුවද ඇතැම් කාන්තාවන් සමහර ආදර නවකතා හෝ වෙනත් රූපමය නොවන මාධ්‍ය හරහා පරිකල්පනය මත හැඟීම් ඇතිකරගෙන සුරාන්තයට පත්වන අවස්ථාද අසන්නට දක්නට ලැබේ.

මෙම සුරාන්තය ඉතාමත් ප්‍රීතිමත් අත්දැකීමක් වන බව මම අත්දැකීමෙන්ම දනිමි. නමුත් ලංකාවේ බොහෝ කාන්තාවන් (විශේෂයෙන් විවාහක) කිසිදු අයුරකින් සුරාන්තයක් නොලබන බව ප්‍රසිද්ධ රහසකි. බොහෝ පවුල් සංස්ථා අවුලෙන් වියවුලට පත් වීමට තවත් ප්‍රධානතම කාරණාවක් නම් ගැහැණියකගේ මේ නොසන්සිඳෙන කාම ගින්නට කිසිඳු අයුරකින් හෝ සංතර්පනයේ පොද වැස්සක් වත් නොවැටීමයි. එහෙත් යම් යෙහෙකින් වෙනත් පිරිමියකුගේ පහසින් සුරාන්තයක් ලද හොත් ......... පවුල් සංස්ථාවේ සියලු අත්තිවාරම් බිඳී වැටෙනු ඇත.

කෙසේ වෙතත් අද සමාජයේ කාන්තාවන් සෑම විටම බොහෝ පීඩනයෙන් සිටින අතර තමා ගැනම අවතක්සේරුවෙන් සිටීම දක්නට ලැබේ. තමාගේ නොදකින ලස්සනක් එකතු කරගැනීමට විවිධ අලංකරණ යන් , ලිංගිකත්වය උද්දීපනය වන ඇඳුම් ආයිත්තම් හා විලාසිතා , දහස් ගණනින් වියදම් කරමින් රූ අලංකරණ ආයතන මගින් අනැවශ්‍ය රූපලාවන්‍ය කටයුතු , මැදිවියේ කාන්තාවක් නම් පියයුරු ඉස්සීමේ සැත්කම්, පියයුරු කුඩා නම් විශාල කරගැනීමේ සැත්කම් ආදී කී නොකී බොහෝ දෑ සිදු කරති. එහෙත් ඇත්තෙන්ම තමාට මෙයින් ආත්ම විශ්වාසය ඇතිවනවා යැයි සිතුවත් ඇත්තේන්ම ආත්ම විශ්වාසය බිඳ වැටීමක් සිදුවේ. මක්නිසාද පිටින් ඇති ඔපය ගැන පමණක් ඔබ විශ්වාසය තබා ඇති බැවිනි. නමුත් සත්‍ය වශයෙන්ම සිදුවිය යුත්තේ තමා තමා ගැනම දැඩි ආත්ම විශ්වාසයක් තබා ගැනීමයි. බාහිර අබරණ මගින් ඇත්තෙන්ම ලස්සන උදෘත කර දැක්වීමක් පමණක් කළ හැකි බව තරයේ විශ්වාස කළ යුතුය.

කාන්තාව වෙසෙසින්ම තමාට ආදරය කළ යුතුය. තම කයට , තම සිතට , තම සිතුවිලි වලට ආදරය කළ යුතුය. මෙහිදී හැඟීම් සඳහා විශේෂ තැනක් ලබා දිය යුතුය. එවිට තමාගේ කය නිරෝගීව තබා ගැනීමට නිසි ව්‍යායාමකළ යුතුය. නිවැරදි ආහාර රටාවන් පුරුදු පුහුණු විය යුතුය. මනස එක්තැන් කිරීමට සුදුසු මානසික ව්‍යායාමයක් , භාවනාවක් කිරීම වැදගත් වේ. ආගම දහමට නැඹුරු වීමද තවත් තමාගේ මානසික සෞඛ්‍යයට වඩාත් වැදගත් වේ.

මොහොතක් සිතන්න. ඔබ ඔබටම ආදරය නොකළහොත් තව කෙනෙකුට ඔබ ආදරය කරන්නේ කෙසේද? වෙන කෙනෙකුගේ ආදරයක් ලබා ගන්නේ කෙසේද? තමාට ලැබෙන ආදරයේ වටිනාකම දැනගන්නේ කෙසේද? බාහිර ඔපයට කැමති කාන්තාවන් හට නිතරම ලැබෙනුයේ ඔවුනගේ බාහිර ඔපයට කැමති පිරිමින් වේ. ඔවුන් කැමති ඔබ ළඟ දැවටීමටය . ළඟ තබා ගැනීමට නොවේ. මෛථුන්‍යයට මිස ආදරය කිරීමට නොවේ. නමුත් සරල තමාටම ආදරය කරන කාන්තාවක් හට පිරිමින් බොහෝ ගෞරව දෙති. ආදරය කිරීමට මිස ශෘංගාරයට ඉඩක් එහිදී නොලැබේ. මෙය සත්‍යය නොවේ දැයි ඔබ ඔබෙන්ම විමසා බලන්න.

කාන්තාවක් වීම ම මගින් ඔබට ලැබෙන වාසි අපමණකි. නමුත් කාන්තාවකගේ රාමුව මෙයැමම කියා තමාටම අතිශය ලෙස තහංචි පැනැවීම ඇත්තෙන්ම අවාසියකි. කාන්තාවක් නම් ඇත්තෙන්ම ලිංගික අධ්‍යාපනය ලබා තිබිය යුතුමය. කෙසේ වෙතත් නැවතත් සුරාන්තයෙහි ඇතුළු පැත්ත වෙත හැරෙමු. තමා වෙත ම ආදරය කරන ගැහැණිය තමාගේ සුරාන්තය කුමක්දැයි විශේෂයෙන් හැදෑරීමක් කළ යුතුය. මෙය තමාගේ කුමරි බඹසර සඳහා කිසිදු අයුරකින් හානියක් නොවන බව මා පෙර ලිපි වලින්ම සඳහන් කර ඇත්තෙමි. තමාගේ සුරාන්තය ගැන නොදන්නා ගැහැණිය වෙනත් අයකුගෙන් තමාට සුරාන්තයක් ලැබීම අපේක්ෂාව ඉතාමත් ආත්මාර්ථකාමී බව මාගේ හැඟීමයි.

භගමනිය (Clitoris ) මගින් සුරාන්තයක් ලබා ගත හැක. නමුත් මෙහිදී සැලකිලිමත් විය යුතු විශේෂ කාරණාවක් තිබේ. භගමනිය වෙත මඳ පීඩනයක් ලබා දීම මගින් ඉහළ ආස්වාදයකුත් , රළු දැඩි පීඩනයක් මගින් නීරස වේදනාවකුත් ලැබීමේ හැකියාවක් පවතී. නමුත් සුරාන්තයේ උපරිම ආස්වාදය විඳිය හැක්කේ යෝනි මාර්ගික උත්තේජනයකින් පමණක් බව මාගේ අත්දැකීමයි.මෙය කුමරි බඹසර හැසිරෙන්නියන් හට කළ නොහැකි අතර විවාහකයන්ට අත්‍යවශ්‍යයෙන්ම දැනගත යුතු කරුණකි.

G-spot හෙවත් ජී තිත යනු යෝනි මාර්ගයේ උඩු බිත්තියේ (ශ්‍රෝණි අස්ථී වලට මුහුණ ලා) ඇති අතිශයින්ම පීඩනයට සංවේදී ස්නායු අන්ත ඇති ස්ථානයකි. මාගේ පෙර ලිපි වල මේ පිළිබඳව සඳහන් කර ඇත. (දිය විදුම පිළිබඳ ලිපිය). මෙම ස්ථානය නිසි ලෙස උත්තේජනයෙන් කිසිදු අයුරකින් සම කළ  නොහැකි සරාගික ඉහළ උත්තේජනයක් ලබා ගත හැක.

නමුත් දැනගත යුතු කරුණක් නම් කාන්තාවන්ට දිගින් දිගටම සුරාන්තයට ළඟාවීමේ ඇති හැකියාවයි. පිරිමින්ට මෙන් නොව කාන්තාවන්ට තම දැවෙන ගින්න සන්තර්පණය කරගැනීමට ස්වභාව ධර්මය විශේෂයෙන් නිර්මාණය කරන ලද විශිෂ්ට දෙයකි. එහෙත් අද මා ඔබට පැවසීමට යන විශේෂ කරුණ නම් මෙම සුරාන්තය ඔබ දැනටත් වඩා ඉහළ මට්ටමකට ගෙන ඒමට අවශ්‍ය ව්‍යායාම කිහිපයකි.

අප මුත්‍රා පිටකරන විට මුත්‍ර පාලනය කරන මාංශ පේශී කිහිපයක් පවතී. මෙය Pubococcygeus පේශි ලෙස හඳුන්වයි. කෙටියෙන් මෙය P.Cහෙවත් PC ලෙසද කෙටියෙන් හඳුන්වයි. මෙම පේශිය පාලනය කිරීමට ඉගෙන ගැනීම මගින් ඉහළ වාසි අත්කරගැනීමට හැකි බව මා දනිමි. මමත් මාගේ බිරිඳත් මෙවැනි අත්හදා බැලීම් මගින් ඉහළ සන්තෘෂ්ටියක් ලබාගෙන ඇති අතර අපගේ ආදරය සහ ලෙන්ගතු කම වෙනදාටත් වැඩියෙන් දළු ළා වැඩෙමින් පවතී.

 PC පේශිය හඳුනා ගැනීමට හොඳම ක්‍රමය නම් මුත්‍ර පහ කරන වෙලාවට මදක් නැවතීමට උත්සහ කිරීමයි. මුලදී මෙය ඉතාම අපහසු විය හැක. මගේ මතකය හැටියට මාගේ බිරිඳ මෙය උත්සහ කළ පළමු වතාවේදී ඇස් වලින් කඳුළු වැටුන සැටි අද මෙන් මතකයේ ඇත. නමුත් ක්‍රමයෙන් මෙය උත්සහ කිරීමේදී  PC පේශිය වඩාත් හදුනා ගැනීමට සහ එය තද කිරීම සහ ඉහිල් කිරීම කළ හැක. සංසර්ගයේදී මෙම පේශිය තද කිරීමට උත්සහ කිරීමෙන් ඔබේ සහකරුවාට මෙන්ම ඔබටද වඩා හොඳ උත්තේජනයක් මෙන්ම සතුටක් ලැබෙනු ඇත.
Special thanks for 
Read More »

Is female squirting a myth? ( කාන්තාවන් සුරාන්තයේදි දිය විදීම මායාවක්ද?)

Is female squirting a myth? ( කාන්තාවන් සුරාන්තයේදි දිය විදීම මායාවක්ද?)

ආයුබෝවන් ! අද දවස ඔබට කෙසේද ? ඔබ මාගේ අනෙකුත් බ්ලොග් පිටු කියවා ඇතැයි සිතමි. අද මා සාකච්ඡා කිරීමට යන්නේ බොහෝ වැදගත් කාරණාවකි. ඔබ බොහෝ දෙනකු කාන්තාවන්ගේ සුරාන්තය පිළිබද යම් කිසි දැනුමක් ඇතැයි සිතමි. එසේ නොමැති නම් මාගේ attitude-towards-sex යන පිටුව කියවා බලන්න.

කෙටියෙන් පැවසුවහොත් කාන්තාවක් සුරාන්තයට පත් වන ක්‍රම කිහිපයක් ඇත.
  • පියයුරු උත්තේජනය
  • භගමනිය උත්තේජනය
  • යෝනි මාර්ගික උත්තේජනය
මෙහිදී යෝනි මාර්ගික උත්තේජනය විශේෂ තැනක් ගනුයේ කාන්තාවකට ඇයට ලැබිය හැකි උපරිම තෘප්තිය මෙමගින් ලබා ගත හැකි වීමත් , විශේෂ සිදුවීමක් වන දිය විදීමේ සංසිද්ධියද ඇති විය හැකි බැවිනි. මෙය 1940 දී පමණ ග්‍රා‍ෆෙන්බ‘ග් නම් නාරි වෛද්‍ය විද්‍යාඥයකු විසින් සොයා ගන්නා ලද ජී ස්ථානය හෙවත් පාරමෞත්‍ර ග්‍රන්තයේ ක්‍රියාකාරිත්වය නිසා සිදුවන්නක් විය හැකි බවද බොහෝ දෙනා පවසති.

බොහෝ කාන්තාවන් තම ජීවිතයේදී සුරාන්තයට පත්වී ඇති නමුදු දිය විදුමක අත්දැකීම ලබාගෙන නොමැති බව සංඛ්‍යාත්මක දත්ත මගින් පෙන්වා දෙයි. නමුත් මේ අතරින් 5% පමණ කාන්තාවන් ප්‍රමාණයක් තම සහජ හැකියාව මත කිසිදු අත්දැකීමක් නැතිව තම පළමු ලිංගික ක්‍රියාවේදීම දිය විදුම සිදුවේ. මෙම දිය විදුම සිදුවනුයේ පුරුෂයාගේ ශුක්‍ර පිටවීමට හා අදාළවම සංසිද්ධියකි. පුරුෂයාගේද  ශුක්‍ර පිටවීම මෞත්‍ර මාර්ගයෙන් සිදුවන අතර කාන්තාවකගේද දිය විදුම ද මෞත්‍ර මාර්ගයෙන් සිදුවේ. කාන්තාවකගේ මෙම දියෙහි අන්තර්ගතය විශ්ලේෂනය කළ  විද්‍යාඥයන් එය පුරස්ථිති ග්‍රන්ථියේ ද්‍රවයන් හා සමාන බවක් පෙන්වන බවත් මෙහි කිසිසේත් ම මුත්‍ර අඩංගු නොවන බවත් සොයාගෙන ඇත.

මෙම  දිය විදුම සිදුවීමට ඇති ප්‍රධානම බාධාව නම් කාන්තාවගේ මානසික සහ කායික තත්වයයි. තමා සහ තම සහකරු පිළිබද මනා විශ්වාසයක් සහිතව සිටීම වැදගත් වන අතර තමා අතින් සිදු වන සියලු දෙයහි සම්පූර්ණ වගකීම හා ආකල්ප වලට අන්‍යෝන්‍ය විශ්වාසය සහිත නම් මේ දිය විදුම සිදුකිරීම අපහසු සංසිද්ධියක් නොවනු ඇත. තවත් වැදගත් කාරණාවක් නම් කාන්තාවන් සුරාන්තය සහ දිය විදුම සිදුවන විට දැනෙන ස්වභාවය බොහෝ දුරට මුත්‍ර පිටවන්නා සේ දැනීමයි. මෙම කාරණාව නිසාම සමහර කාන්තාවන් සුරාන්තයට ළගා වීමට පවා බයක් දක්වන බව මාගේ මතයයි. මෙම මානසික බාධාව ඉවත් කර දමා දිය විදුම ඔබගේ දිවියේ විශේෂ දවසක ඔබගේ සහකරුට ලබා දීමෙන් ඔබගේ ආදරය මෙන්ම ලිංගික ජීවිතයද නව මගකට යොමු කරගත හැකි වනු ඇත.

එබැවින් කාන්තාවන් සුරාන්තයේදි දිය විදීම මායාවක් නොවන බවත් බොහෝ දෙනාට මෙම සංසිද්ධීය ළගා කරගැනීම සදහා කාලය මෙන්ම පළපුරුද්ද සහ තවත් බාහිර කාරණා අවශ්‍ය  බවත් මෙයින් සදහන් කරනු කැමැත්තෙමි .
Special thanks for
Read More »

Monday, August 29, 2016

කාන්තාවන්ට ලිංගිකව සක්‍රිය වීම අකැපද ?

කාන්තාවන්ට ලිංගිකව සක්‍රිය වීම අකැපද ?

 “ හොඳ පතිනියක් වුවත් තම සැමියා සමග නිදි යහනේදි වෙසඟනක් විය යුතුය“ යනුවෙන් ආදි කාලයේ පඬිවරුන් කීවේ කට කසනවාටද ? 


ආයුබෝවන්! අද දවස ඔබට කෙසේද ? අමුතුම ඇරඹුමකින්, මාතෘකාවට පිවිසියේ මෙය කාලීනව වැදගත් යැයි සිතුනු බැවිනි. ඉන්දීය සම්භවය මඳක් මිශ්‍රිත ලාංකේය සමාජය තුළ ලිංගිකත්වය පිළිබඳ කතා කිරීම බොහෝ ජුගුප්සාජනක දෙයක් යැයි මතයක් පවතියි. එහෙත් මිනිසා සමාජයීය සත්ත්වයකු ලෙස තම පහළ පරම්පරාව වෙත , තම දැනුම බෙදා දීම කළ යුතුව ඇති වුවත් මෙම “වැදගත්“ මාතෘකාව පිළිබඳව කිසිවෙකුත් කතා නොකරනුයේ මන්දැයි මට තවම නොවැටහේ.එම වගකීම අතට ගත් අප කණ්ඩායම මෙම බාධකය ඉවත් කිරීමට මහත් සේ කැප වන්නේය.

ලාංකේය කාන්තාවන් ඇත්තටම අද සිටින්නේ අසරණ අඩියකය. ලිංගික දැනුමෙන් සන්නද්ධ වූ කාන්තාවන් සිටිනුයේ අතළොස්සක් පමණකි. මම දැන් පවසනුයේ සංස්කෘතිය සදාචාරය කෙළෙසන දෙයක් නොවේ. ලංකාවේ පාසල් පද්ධතියට ඇතුළත් වූ සෞඛ්‍යය පාඩමේ  ප්‍රජනන පද්ධතියේ රූප පවා බැලීමට ගුරුවරු ඉඩ නොදෙති. ඇත්තෙන්ම ලිංගික දැනුමෙන් සන්නද්ධ වීම යනු අනාචාරයේ හැසිරීම නොවේ. මෙය තව දුරටත් පුළුල් කරත්දී ලිංගික පීඩනය , අයුතු යෝජනා , ලිංගික අතවරයක් සඳහා වටපිටාව සැකසීම ආදී වූ දැනුමද ඇතුළත් විය යුතු බව මාගේ මතය යි. මම , ඇත්තෙන්ම මේ පිළිබඳව ඉදිරි ලිපියකින් සාකච්ඡා කිරිමට අදිටන් කරගෙන සිටිමි.

නැවතත් මාතෘකාවට පිවිසෙමු. ලිංගික දැනුම නැතිව කිසිදු කලෙක පතිනියකට තම සැමියා සන්තර්පනය කළ නොහැකිය. මේ සඳහා අවශ්‍ය දැනුම , කෙසේ හෝ ලබා ගත යුතුය. අවාසනාවකට මෙම දැනුම ලැබෙන්නේ , දැනුවත් ,  වැඩිහිටියෙකුගෙන් හෝ සහෝදරයෙකු හෝ විශ්වාසවන්ත පුද්ගලයෙකුගෙන් නොවේ. අයහපත් මානසික සෞඛ්‍යයයෙන් හෙබි , ලිංගිකත්වය පිළිබඳ මිත්‍යා මත හෙබි , නොදැනුවත් පුද්ගලයන්ගෙන් ලැබෙන අවවාද , අනුශාසනා නොදැන බොරු වලක වැටීමක් වැනිය. කාන්තාවක් අනැවශ්‍ය ලෙස ලිංගිකව සක්‍රිය වුවහොත් , සමාජයෙන් අපවාද නිසැකවම නැගෙනු ඇත. මාගේ පෙර අබිසරු සහ කාමධේනුව යන ලිපියෙහි මේ පිළිබඳව සඳහන් කර ඇත්තෙමි. තවද කාන්තාවන්ගේ සුරාන්තය පිළිබඳවද , බොහෝ ප්‍රතිචාර ලැබුනු ලිපියද කියැවීමට යෝජනා කරමි.

කෙසේ වෙතත් කාන්තාව තම සැමියා සන්තර්පනය කළ යුතුමය. නැත්නම් පවුල් සංස්ථාව ඉක්මනින්ම දෙදරා යනු ඇත. සැමියාද තම බිරිඳ සන්තර්පනය කර සතුටින් තැබිය යුතුමය. එහෙත් කාන්තාවට තම සැමියා ලෙහෙසියෙන්ම සන්තර්පනය කළ හැකිය. නමුත් තමා කවරෙක්ද , තමාගේ ශරීරයේ හැකියාව කෙබඳුද , තමා කුමක් කළ යුතුද  යන්න පිළිබඳව දන්නා කාන්තාව තමාව පමණක් නොව තම සැමියාවද නිසි සේ සතුටු කරයි. කිසිම ලෙසකින් දැනුමක් නොමැතිව (අත්දැකීම් ඇතුව නොවේ!) යුගදිවියට එළැඹෙන කාන්තාව කෙටි කලකින්ම සංසර්ගය සහ ලිංගිකත්වය නිරස වන මට්ටමට පත් වනු ඇත.

කාන්තාවක් ඇත්තෙන්ම යුග දිවිය තුළදී ලිංගිකව සක්‍රිය විය යුතුමය. ලිංගිකව සක්‍රිය වීමට නම් කාලානුරූපීව ලිංගික දැනුම මෙන්ම අත්දැකීම්ද අත්පත් කරගත යුතුම ය. එසේම සැමියා මේ පිළිබඳව විවෘත මනසකින් , තම පියඹ පිළිබඳව විස්වාසයෙන් යුතුව සිටිය යුතුය. දෙදෙනා අතර අන්‍යෝන්‍ය සහයෝගය තිබිය යුතුමය. මක් නිසාද බොහෝ විට රති කෙළියේදී තම ගැහැණියගේ ආධිපත්‍යය , පුරුෂයා අපේක්ෂා කරන බැවිනි. තමාගේ ආශාවන් සන්තර්පනය කර ගැනීමට දන්නා සහ ස්වාධීන කාන්තාවන් කෙරෙහි පුරුෂයන් වැඩි ගෞරවයක් ඇති බව බොහෝ අය නොදන්නා කරුණකි.
Special thanks for

Read More »

ආදරය සහ රාගය

මේ පුළුල් වූ මාතෘකාව සදහා මා මුලින්ම සත්ත්වයා සහ මිනිසා යන දෙකොට්ඨාශයේ වෙනස පිළිබඳ හැඳින්වීමක් කරමු. මූලිකව ම මිනිසා සහ අනෙකුත් සත්ත්වයන් අතර ඇති සුවිශේෂි ම වෙනස වනුයේ මිනිසාට මිහිපිට වෙසෙන සියලු ම සත්ත්වයන්ට වඩා මුහුකුරා ගිය බුද්ධියක් තිබීමයි. මස්තිෂ්කයේ වර්ගඵලය වැඩි කිරීම මගින් මිනිසාට අතිවිශාල න්‍යුරෝන ප්‍රමාණයක් හිමිව තිබේ. එහෙත් අනෙකුත් සත්ත්වයන් ද කාලානුරූපීව බුද්ධිය විකාශනය වුව ද මිනිසා තරම් පරිකල්පන හැකියාවන් දියුණු කිරීමේ අරමුණක් උන් සතුව නැත.

තත්ත්වය මෙසේ තිබියදී අපි සියලු ම සත්ත්ව ලෝකය දෙස ඇස යොමා බලමු. සියලුම සත්ත්වයන් තම වර්ගයා බෝ කිරීමේ අවශ්‍යතාව මත ලිංගික සංසර්ගයේ යෙදේ. තවද මෙම සත්ත්වයන් හට වරකට පැටවුන් එකකු හෝ දෙදෙනකුට වැඩි ප්‍රමාණයක් බිහි කළ හැක. මෙය හුදෙක්ම ජීව රසායනික ක්‍රියාවලියක් වේ. සියලුම ගැහැණු සතුන් වසරේ නියමිත කාලයකදී ලිංගිකව සරු බවට පත් වන අතර පිරිමි සතුන් හට මේ බව , ගැහැණු සතුන්ගෙන් නිකුත් වන රසායනිකන් ගේ උත්තේජනයන් මගින් පවසනු ලබයි. මින් පසු පිරිමි සත්තු ගැහැණු සතුන් සමග එක් වීමට තරග කරති. ශක්තිමත්ම පිරිමි සතා ගැහැණු සතා සමග එක් වන අතර මෙහිදී තරග වැදීමේදී පිරිමි සතුන් මිය යාම ස්වභාව ධර්‍මයේ  කුරිරු බව මොනවට විදහා දක්වයි. මෙය රාගය හෝ ආදරය යැයි අර්ථකතනය කිරිම නිවැරදි නොවේ.

ආදරය හෝ රාගය යනු ඇත්තෙන්ම මිනිස් සිතේ උපදින සිතිවිලි මගින් ඇතිකරන්නා වූ මානසික මට්ටමකි. වෙනත් සතුන් හට  මෙය අල්ප වශයෙන් ඇති අතර තම දරුවන් රැකබලාගැනීම සහ ඉගැන්වීම සඳහා සහජයෙන් ඇති ඉව ඉවහල් වේ. පැටවුන් උස් මහත් වූ පසු ඔවුන් වෙන වෙනම ජීවත් වෙති. නමුත් මිනිසාගේ දෙමාපිය - දරු  ආදරය මෙයට වඩා පුළුල් විශයක් වන අතර අද දින මෙම මාතෘකාවේදී මෙය සාකච්ඡාවට බඳුන් නොවේ. මිනිස් ශිෂ්ටාචාරය විසින් රැගෙන ආ සංකල්පයන් මත අද මිනිසා තම වර්ගයා බෝ කිරීමට බාහිර පරිසරය යොදා නොගන්නා අතර සංවෘත ස්ථාන යොදා ගනියි. තම පෞද්ගලිකත්වය ලෙස සීමා මායිම් යොදා ගෙන තත්ත්වයන් බොහෝ සංකීර්ණ කරගෙන සිටිති. කෙසේ වෙතත් මිනිසාගේ පරිකල්පන හැකියාවත් , නූතන සමාජය විසින් අනුබල දෙන්නා වූ කාරණා නිසාත් මිනිසාගේ ආදරය සහ රාගයෙහි මානයන් වෙනස් වී ඇති බව නම් අප අද අත්දක්නා සත්‍යයක් වේ.

ඇත්තේන්ම ආදරය සහ රාගය යනු ඉතා බලවත් මානසික තත්වයන් දෙකක් වේ. මෙය නිසි ලෙස යෙදැවීමෙන් මිනිසෙකු දියුණුවට පත් වීමටත් , අගාධයට යෑමටත් පුළුවන. එහෙත් නන්දා මාලනිය පවසන අයුරින් “ප්‍රේමය නම් රාගයෙන් තොර , සඳ එළිය සේ අචින්ත්‍ය , පාරිශුද්ධ ! “  නම් නැත. ඇත්තෙන්ම ආදරය තුළ රාගය යම් පමණකට පවතී. නමුත් සර්‍වසම්පූර්ණයෙන්ම වූ රාගය තුළ ආදරයක් අනුකම්පාවක් ඇත්තේ ම නැත. රාගය තුළ ඇත්තේ අයෙකු තුළ ඇති බුර බුරා නැගෙන කාමාශාව සිඳුවා ගැනීමට ඇති ආශාවයි. පිරිමියෙකු සහ ගැහැණියක අතර ඇති ආදර ගනුදෙනුවේදි එකිනෙකා වෙත අනුකම්පාව , දයාව, සෙනෙහස මෙන්ම කායික ආශාවන් සන්තර්පනය කරගැනීමට අවැසි රාගයද තිබිය යුතුය. නැති නම් මෙය හුදෙක්ම උත්තමයන් සමාජයේ අන් අයට දක්වන ආදරයක් පමණක් වන අතර හෝ අනෙක් අතකට ගත්කළ ආදරයෙන් තොරව දක්වන්නා වූ ශාරීරික බැඳිම , සතුන් වර්ගයා බෝ කිරීමේ අරමුණ හා සමාන බව කිව හැකිය.

කෙසේ වෙතත් තවමත් අප මොළයෙහි දියුණු නොවූ කොටස් ඇත. රාගය , පළා යාම , සටන් කිරීම , හදිසි අවස්ථාවන් හිදි නොසිතන ජවයන් ලැබීම ආදී වූ නොයෙක් දෑ මෙම නොදියුණු සත්ත්ව කොටසෙහි ක්‍රියා කාරීන් වේ. මිනිසකු තම මොළයෙන් 2% ත් 4% ත් අතර භාවිත කරන බැව් විද්‍යාත්මක මතයයි. මෙම ආදරයද මිනිසාගේ මොළයෙන් රාගිකව දෙන්නා වූ පණිවුඩය නිර්මාණාත්මකව පරිවර්තනය කිරීමක් යැයි පැවසීම වරදක් නොවේ. මන්ද ආදරය කරන දෙදෙනෙකු එකිනෙකා ආකර්ශනය කර ගැනීමට යමක් කරනුයේ අනාගතයේ දවසක යහන් ගතවීමට නොවේද ?මේ ගැන තව දුරටත් විග්‍රහ කිරීම ඔබට බාර කරමි.

එහෙත් අප මෙහිදී නොදකින තවත් පැතිකඩක් තිබේ. එනම් ආදරයේ හෝ රාගයේ අන්ත දෙක පිළිබඳවයි. ආදරයේ හෝ රාගයේ ඍණාත්මක පැත්ත නම් කෙනෙකුට විරුද්ධ හෝ සම ලිංගිකයන් පිළිබඳ කිසිදු අයුරකින් සංවේදනය නොවීමත් , තමා අන් අයට මෙන්ම තමාටද වෛරීය ස්වභාවයෙන් සිටීමත් වේ. මේ අය සමාජයෙන් කොන් වන්නා සේම දැඩි මානසික පීඩනය යටතේ සිය දිවි හානි කරගැනීමටද එළැඹිය හැකිය.
එසේම කාසියේ අනෙක් පැත්ත වන දැඩි රාගය සහ ආදරය ගත් කල්හි රාගය අධික පුද්ගලයන් අතින් ළපටි , මහලු , සමවයස් කාන්තාවන් හෝ පුරුෂයන් ලිංගික අපයෝජනයට ලක් විය හැකි අතර බොහෝ විට වෛශ්‍යාවන් කරා යොමු වන්නේද , කාන්තා හිංසනයට මුල පුරන්නේද මෙවැනි මිනිසුන් වේ. මහ උළු ගෙදර බොහෝ විට මෙවන් මිනිසුන්ගේ අවසාන නවාතැන වේ. ආදරය අධික වීමද අනෙක් අයට හිරිහැරයක් වීම වළක්වාලිය නොහැක. කෙනෙකු තවත් අයෙකු පිළිබඳව අසීමිතව සොයා බැලීම , දැඩි රැකවරණය ලබා දීම රැකවරණය ලබන්නා අපහසුතාවයට පත් කරනු ලබයි. එසේම අසීමිතව ආදරය කරන්නා බොහෝ විට සිත් තැවුලට පත්වන අතර මානසිකව කඩා වැටී , තම ජීවිතයෙන් වන්දි ගෙවීමට තීරණ ගැනීමද වළක්වනු නොහැකි වනු ඇත.

ආදරයේ සහ රාගයේ නිර්වචනය පුළුල් කිරීමේ හැකියාව ඔබටත් පවතී. අපත් සමග සාකච්ඡා කරන්න.

special thanks for

ආදරය , ලිංගිකත්වය හා ලිංගික අධ‍්‍යාපනය (love , sex , sex education)


Read More »

මම කවදාවත් එයත් එක්ක රණ්ඩු වෙලා නෑ!!

මම කවදාවත් එයත් එක්ක රණ්ඩු වෙලා නෑ!!

මම කවදාවත් එයත් එක්ක රණ්ඩු වෙලා නෑ...“  කවදා හෝ ඔබ මෙම වාක්‍යය අසා තිබෙනවාද? ඔබගේ මිත්‍රයන්ගේ ප්‍රේම කතා , ඔබ විශ්වාස කරන චරිත  හෝ ප්‍රේම කතා වලදී ? පිළිතුර ඔව් නම් ඔබගේ මිතුරා/ මිතුරිය හෝ මෙම වාක්‍යය පැවසූ පුද්ගලයා ඔබට මුසාවක් පවසනවා හෝ ඔවුන්ගේ පවුල් හෝ ආදර සබඳතාව ඉතාමත් දුබල තත්වයේ පවතිනවා විය යුතුය.

ඇත්තෙන්ම කාන්තාවක සහ පුරුෂයෙකු එකට ජීවත් වීමේදී දෙදෙනා සර්ව සම්පූර්ණ අය නොවන බැවින් සහ දෙදෙනා සෑම අතින්ම අසමාන වන නිසා දෙදෙනාගේ සිතුම් පැතුම් , අවශ්‍යතාවයන් ආදිය සර්වසම්පූර්ණයෙන්ම වෙනස් වේ. මේ හේතුව මත ම බොහෝ විට ගැටුම් නිර්මාණය වීමේ වටපිටාවක් සැරසේ. දෙදෙනාගේ ඉහත වෙනස්කම් කිසිසේත්ම ඔවුනගේ අඩුපාඩුවක් නොවන අතර ඒවා හුදෙක්ම දෙදෙනාගේ වෙනස්කම් වේ. උපතින්ම ස්වභාවධර්මය විසින් ගැහැණියකට තම සමාජය පිළිබඳව සොයාබැලීම මෙන්ම තම වර්ගයා රැකබලාගැනීමද උරුම කැර දී ඇති අතර පිරිමියකුට ආහාර සොයා දීම , ආරක්ෂාව සහ රැකවරණය ලබාදීම , අලුත්වැඩියා කටයුතු කිරීම , තර්කානුකූලව ප්‍රශ්න විසඳීම ආදිය උරුම කර දී ඇත. මා ඉහත දැක්වූයේ ඉතාම අල්ප උදාහරණ කිහිපයක් වේ.

මත ගැටුම් ඇතිවීම , සිත් රිදවීම් සිදුවීම දිගු කාලීන සම්බන්දයන් කඩා ඉහිරීමට හෝ වඩාත් ශක්තිමත් කිරීමට යොදා ගැනීම දෙදෙනා විසින් තීන්දු කළ යුතු කරුණක් වේ. මත ගැටුම් ඇතිවීමට ප්‍රධානතම හේතුව නම් අයෙකු අනෙකා දෙස අනෙකාගේ පසින් නොසිතා කටයුතු කිරීම වේ. දිගු කාලීන සම්බන්ධයකදී සෑම විටම දෙදෙනා අනෙකා සිතන පතන ආකාරය පිළිබඳ මදක් සැලකිලිමත් විය යුතුය. උදාහරණයක් ලෙස ගත හොත් කාන්තාවක් නිතරම තමාගේ සහකරුවා  තමා පිළිබඳ සොයා බලනවාට ඉතාමත් ආශාවෙන් පසුවෙයි. මෙය කාන්තාවක් නිතැතින්ම බලාපොරොත්තු වෙන දෙයක් වේ. පිරිමියකු , කාන්තාවකගේ මෙම ආශාව දැනගෙන ඈ හට දිනකට වරක් දෙවරක් දුරකතන ඇමතුමක් ලබා දීමෙන් හෝ කෙටි පණිවිඩයක් ලබා දීමෙන් හෝ සුළු ත්‍යාගයක් ලබා දීමෙන් ඈගේ ආශාවන් සන්තර්පනය කළ හැකිය. මේ අයුරින්ම පිරිමියාද තමාව අගය කරීම බලාපොරොත්තු වේ. රාජකාරි දින අවසානයේදී මානසිකව මෙන්ම ශාරීරිකවද වෙහෙස වී පැමිණෙන සැමියා උණුසුම් ලෙස පිළිගැනීම සහ තේ ආදී පානයක් ලබා දී ඔහුව දිරිමත් කිරීම මගින් සැමියාගේ ආදරය මෙන්ම ලෙන්ගතු කමද වඩාත් වැඩි වේ.

එහෙත් ගැටළුව පැන නැගී ඇත්තේ වත්මන් සංකීර්ණ සමාජයේදී ගැහැණිය සහ පිරිමියා යන දෙදෙනාම රාජකාරි සඳහා පිටත්ව යෑමත් නිවසට පැමිණි පසු ගැහැණිය , ගෘහණිය වීමේ චරිතය එලෙසම වෙනස් නොවී තිබීමත් යන හේතුව මතය. ඇත්තෙන්ම ගැහැණියකට මෙය මානසිකව මෙන්ම ශාරීරිකවද ඉතා විශාල ලෙස බලපායි. රාජකාරි අවසානයේ නිවසට පැමිණෙන ඇය හා මඳක් දොඩමලු වී අවසන් වූ රාජකාරි දිනය පිළිබඳ මඳක් සොයා බලා , ආදරණීය උණුසුම් හාද්දක් නළලතට දී මෙන් ඇගේ විඩාව මානසික පීඩනය බොහෝ දුරට අඩුකර ගත හැකි බව මා අත්දැකීමෙන් දන්නා කරුණකි.

මේ පරිද්දෙන්ම කාන්තාවන්ගේ කතාබහට නිසි ආකාරයෙන් ඇහුම්කන් දීම සහ නිවැරදි අයුරින් වටහා ගැනීම දිගු කාලීන සම්බන්ධතාවක් තබා ගැනීමට කැමති පිරිමයකු ප්‍රගුණ කළ යුතු කුසලතාවයකි. මේ පිළිබඳව මහාචාර්ය ජෝන් ග්‍රේ ලියූ  Mars and Venus පොත් පෙළහි මනා අයුරින් දක්වා ඇත. උදාහරණයක් ලෙස ගතහොත් කාන්තාවක් “ ඔයා මට කවදාවත් ආදරයෙන් කතා කරන්නෙ නෑ“ යනුවෙන් කියනුයේ “අපි ඉස්සර ගොඩක් ආදරෙන් හිටිය. ඔයා මට ගොඩක් ආදර , බොළඳ කතා කිව්වා, ඔයා දැන් එහෙම කරන්නේ නෑ. මම ඒ වගේ  ආදර , බොළඳ කතා ඔයාගෙන් බලාපොරොත්තු වෙනවා“ . නමුත් නුපුහුණු පිරිමියා මෙය සලකනුයේ ඔහුට කරන අපහාසයක් , නින්දාවක් ලෙසය. එවිට ඔහු “ ඔයා කොහොමද එහෙම කියන්නෙ! එක දවසක් දෙකක් නෙමෙයි මම ඔය කතාව අහල තියෙන්නෙ. .........“ . මෙන්න මෙයයි ගැටුම් වල මූලික බීජය.

මත ගැටුම් ඇති වීම ස්වභාවික දෙයක් වුවත් එය පලදායි අයුරින් පරිවර්තනය කරගැනීම බුද්ධිමත් යුවලක් සතු වගකීමකි.

Special thanks for


ආදරය , ලිංගිකත්වය හා ලිංගික අධ‍්‍යාපනය (love , sex , sex education)

Read More »

ලිංගික අතවර හෝ අපයෝජන හෝ ලිංගික බලපෑම් වලින් වැලකීම

ලිංගික අතවර හෝ අපයෝජන හෝ ලිංගික බලපෑම් වලින් වැලකීම


ඇත්තෙන්ම අද කාන්තාව ලිංගිකත්වයේ සංකේතයක් බවට , සියලුම ප්‍රචාරණ මාධ්‍යයන් විසින් , පත් කොට ඇත. ඕනෑම භාණ්ඩයක් විකුණා ගැනීමට කොටට ඇඳගත් කාන්තාවන් ප්‍රදර්ශනය කිරීම දැන් බහුලව සිදුවන වේ. මෙනිසා ගැහැණිය නොදැනීම ප්‍රසිද්ධ වෙළෙඳ භාණ්ඩයක් බවට පත්ව ඇත. කෙසේ වෙතත් අද පවතින ආර්ථික තත්ත්වය මත ගැහැණිය සහ පිරිමියා යන දෙපිරිස මත ම මුදල් සෙවීම සඳහා දැඩි පීඩනයක් එල්ල වී ඇති නිසා සියල්ලෝම දැඩි මානසික අසහනයකින් පෙළෙති. එහෙත් ස්වභාවයෙන්ම පිරිමියා තම මානසික පීඩනය නැති කර ගැනීමට යම් යම් ක්‍රියාවන් වලට පෙළඹේ. එයින් ප්‍රධාන වශයෙන්ම ගතහොත් මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම , ලිංගික ක්‍රියාවන්ට ඇබ්බැහි වීම , මුදල් සෙවීමේ පහසු මාර්ග වන නීතියට පටහැනි දෑ කිරීම ( සොරකම් , කුලියට මිනීමැරීම් ආදී ) වශයෙන් නම් කළ හැකිය. එහෙත් අද මාතෘකාවට බඳුන් වන්නේ මෙයින් පුරුෂයා විසින් ගැහැණිය වෙත කෙරෙන සාමාජීය මෙන්ම සංස්කෘතික වශයෙන්

ආයුබෝවන්! අද දවස ඔබට කෙසේද?

අද මා සාකච්ඡා කිරීමට යන මාතෘකාව අපගේ කඩතුරා බ්ලොගයේ වැදගත්ම මාතෘකා වලින් එකක් වන බව මම සිතමි. මෙය බොහෝ විට සමාජයේ සාකච්ඡාවට බඳුන් නොවූ එහෙත් කාන්තාවන්ට වැදගත් ම වන අතිශය සංවේදී මාතෘකාවකි. පෙරදී ලංකාවේ මැණිකක් අතින් ගත් කාන්තාවක් මධ්‍යම රාත්‍රියේ වුවද කිසිදු උපද්‍රවයකින් තොරව ඇවිද ගිය බවට පුරාණ කතාවක් තිබේ. එයින් පැවසනුයේ කාන්තාව ආරක්ෂිත බව නොව එකල  සමාජය බෙහෙවින්ම සංවර වූ බවය. ඇත්තෙන් ම බටහිර සමාජය විසින් රූපමය මාධ්‍යය හරහා පෙරදිග මිනිසාගේ චින්තනය වෙනස් කරන ආකාරය ඇත්තෙන්ම විශ්මය ජනකය. මහත්මා ගාන්ධි ශ්‍රීමතාණන් පැවසූ පරිදි බටහිර සුළඟට පැමිණෙන්න ජනෙල් හැර තබන්න ඒත් ගෙදර දෑ ගසාගෙන යාමට ඉඩ නොදෙන්න යන්න හොඳින් සිහියේ තබා ගැනීම වඩාත් වැදගත් වේ.

 පිළිකුළට පාත්‍ර කෙරෙන ලිංගික අතවර හෝ අපයෝජන හෝ ලිංගික බලපෑම් පිළිබඳවයි.

මඳක් සිතා බලන්න. ලිංගික අතවර හෝ අපයෝජන හෝ ලිංගික බලපෑම් සඳහා දෙපාර්ශවයේම යම් කිසි බලපෑමක් තිබිය යුතුය. එහෙත් එය එසේ නොවන අවස්ථා ද නැත්තේ නොවේ. කාන්තාවක් වශයෙන් ඔබ සමාජයේ ජීවත් වීමේදී සැලකිලිමත් විය යුතු කාරණා කිහිපයක් තිබේ.

  • ඔබ හැඳ පළඳින දෑ ඔබ හැඳ පළඳින්නේ ඔබගේ විලි වසාගැනීමට පමණක්ද ?

    • ඇත්තෙන්ම කාන්තාවන් මේ පිළිබඳව සිතා බලන්නේ නැති වුවද ඇත්තෙන්ම ඔවුන්ගේ යටි සිත සහ කාන්තාවක් වීම නිසාම තමාට පිරිමින් ආකර්ෂනය විය යුතු යැයි යන සහජ චිත්තයන් නිසාම පිරිමින් ආකර්ෂනය වන ආකාරයට නිතඹ ( බුරිය ) පෙනෙන ලෙස, පයෝධර ඉලිප්පී පෙනෙන ලෙස , තට්ටම් නෙරා එන ලෙස , ඇඟ පසඟ සහ නාරි ලාලිත්‍යය වැඩිපුර පෙනෙන ලෙස තදට සහ කොටට ඇඳුම් ඇඳීම සහ විවිධ අබරණ පැළැදීම මෙහිලා සැලකිය හැකිය.

  • ඔබගේ හැසිරීම සහ කතාබහ ප්‍රසන්නද ?

    • කාන්තාවක් ලෙස සමාජයේ හැසිරීමේදී , වෙසෙසින්ම පිරිමින් සමග ගනුදෙනුවේ දී තමාගේ කතාබහ සීමාවක් ඇතුව දුරස්ථභාවයකින් යුක්තව සිදුකළ යුතුය.කාන්තාවනි ,  මා මෙලෙස පවසන දෑ පටු කොට නොතකා පුළුල්ව සිතා බලන්න. මා ඔබගේ නිදහසට පහර ගසනවා නොවේ. එහෙත් ඔබේ මතු ආරක්ෂාවට මෙය වැදගත් විය හැකිය. පිරිමින් සමග ගනුදෙනුවේදී හැකිතාක් දුරට ශාරීරික දුරස්ථභාවය ආරක්ෂා කරගත යුතු අතර , කතාබහේදී මානසිකව ඇලීම් ඇති නොකරගන්නා ආකාරයට සහ තමා වෙත ආකර්ෂනය නොකෙරන ආකාරයට කතා බහ කිරීමත්, පෞද්ගලික දෑ කතාබහ නොකිරීමටත් වගබලා ගත යුතුය. කිසිවෙකුට කිසිවිටක තමාගේ පෞද්ගලික විස්තර නොදීම ඉතාමත් වැදගත් වේ. තමාගේ පෞද්ගලික වාසියට කිසිවිටක පිරිමියකු ලිංගිකව උද්දීපනය වන පරිදි හෝ එවන් ක්‍රියාවකට මග සැලසෙන ආකාරයට ක්‍රියා නොකරන්න.

  • පොදු ප්‍රවාහන සේවය නිතර භාවිතා කරන්න

    • තමාගේ ආරක්ෂාවට නිතරම පොදු ප්‍රවාහන සේවය භාවිතා කරන්න. තමාට අතවරයක් හෝ කරදරයක් වන විට උදව් ඉල්ලන විට බොහෝ පිරිමින් ඔබගේ ආරක්ෂාවට පැමිණෙනු ඇත.
    • පොදු ප්‍රවාහනයේදීද බොහෝ මානසික අසහන කාරයන් සිටින බැවින් ඔවුන් ඔබට යමක් කිරීමට පැමිණෙන විට ඔබ එයට විරුද්ධ බව අඟවන්න. එයින් ඔහු නොනැවතුනහොත් ශබ්ද නගා ඔබගේ විරුද්ධත්වය ප්‍රකාශ කරන්න. එසේත් නොනැවතුන හොත් අන් අයගෙන් උදව් බලාපොරොත්තු වන ආකාරයට “මෙයා මට කරදර කරන්න හදනවා! උදව් කරන්න !“ ආදී වශයෙන් ශබ්දයෙන් පවසන්න.
    • සුළු වශයෙන් හෝ පිරිමි සුළුතරයක් පමණක් ගමන් ගන්නා පොදු ප්‍රවාහන පද්ධතියකට ගොඩ නොවන්න. කාන්තාවන් කිහිප දෙනෙක් සිටියි නම් ඔවුන් අසලින් හිඳගන්න. තමාගේ වටපිට පිළිබඳව අවධානයෙන් සිටින්න.
    • හොඳින් දන්නා හඳුනන අයගේ පමණක් පෞද්ගලික වාහන වලට ගොඩවන්න. නාඳුනන අයෙකුගේ ආරාධනයකට වාහන වලට ගොඩනොවන්න.

  • රෑ බෝ වීමෙන් පසු තනිවම ගමන් යෑම අඩු කරන්න

    • බොහෝ ලිංගික අතවර හෝ අපයෝජන සිදුවී ඇත්තේ තනිවම ගමන් යන හා රෑ බෝවී ගමන් ගන්නා කාන්තාවන්ට වේ. එබැවින් මෙවැනි ගමන් හැකි තාක් අඩු කරන්න.
    • මෙවැනි ගමන් වැලකිය නොහැකි අවස්ථා වලදී හොදින් එළිය ඇති අවකාශ ඇති මිනිසුන් ගැවසෙන ස්ථාන තම මාර්ගය සඳහා යොදා ගන්න. 
    • අඳුරු , මිනිසුන් නොගැවසෙන මාර්ග වල ගමන් කිරීම වැළැක්විය නොහැකි නම් තමාගේ ළඟම ඥාතියකු මගට ගෙන්වාගෙන් ඔහු / ඇය සමග ආරක්ෂාකාරීව ගමන් ගන්න.

  • විදුලි සෝපාන සහ පාලු තරප්පු පේළි වල ගමන් ගන්නා විට ආරක්ෂාකාරී වන්න.

    • විදුලි සෝපානයන්හි ගමන් කරනා විට , ආරක්ෂාකාරී බවක් නොහැඟේ නම් , හැකි තරම් යතුරු පුවරුවට ආසන්නව සෝපානයේ බිත්තියට පිට තබා , හොඳින් මුළු සෝපානයම පෙනෙන ලෙස සිටින්න. අනතුරක් ඉව වැටුනු වහාම යතුරු පුවරුවේ තට්ටු සඳහා වූ සියලුම යතුරු ඔබා හදිසි අනතුරු සංඥා බොත්තමද ඔබන්න ( තිබේ නම්) . මෙවිට ඔබට යම් අනතුරක් වේ නම් ඇති ළඟම තට්ටුවෙන් ඉවත් වීමට පුළුවන.

  • කාර්යාලයේ රෑ බෝ වී තනියම වැඩ කිරීමෙන් වළකින්න.

    • අයුතු යෝජනා හෝ ඇරයුම් ලැබුනහොත් බුද්ධිමත්ව ප්‍රතික්ෂේප කරන්න

      • බොහෝ විට පිරිමිහු කාන්තාවන් හට අයුතු යෝජනා හෝ ඇරයුම් කරති. කාන්තාවන් එයට දක්වන ප්‍රතිචාරයන් මත එහි ඉදිරිය තීරණය වේ. එවන් ඇරයුමක් යෝජනාවක් කළ විට සුහදව එය ප්‍රතික්ෂේප කරන්න. මන්ද ඔබ ඔහුව අපහසුතාවයට හෝ ලජ්ජාවට පත් කළහොත් , ඔහු ඔබගෙන් පළිගැනීමක් වැනි දෙයක් කිරීමට පුළුවන. තම හිතවතුන් , ඥාතීන් මේ පිළිබඳව දැනුවත් කොට තබන්න.
    ඔබ මෙවන් දෑ අනුගමනය කළ ද , ඔබට  ලිංගික අතවරයට හෝ අපයෝජනයට ලක්වීමේ අවස්ථාවන් පවතී. එවන් අවස්ථාවන්ට මුහුණ දීම සඳහා පහත දැක්වෙන පියවරයන් අනුගමනය කරන්න.
      • ඔබගේ ජංගම දුරකතනයෙහි Speed Dial/ One Touch Dial ආදිය සඳහා  ගබඩා කර තබන්න.
      • ඔබගේ ජංගම දුරකතනයේ Distress Alert වැනි පහසුකම් ඇත්නම් ළඟම ඥාතියකු , හිතවතකුගේ දුරකතන අංකයන් සඳහා කෙටි පණිවුඩ යැවීමට සූදානම් කොට තබන්න. මෙවැනි කෙටි පණිවුඩයක් ලැබුණහොත් ක්‍රියා කරන ආකාරය පිළිබඳව ඔවුන්ව දැනුවත් කොට තබන්න.
      • කුඩය , අත් බෑගය ආත්මාරක්ෂාව සඳහා යොදා ගැනීමට සූදානම්ව තබාගන්න.
      • හැකි නම් ආත්මාරක්ෂක ක්‍රම පුහුණු වන්න.
      මෙවන් අවස්ථාවන්ට මුහුණ පෑමට සිදුවීමට අවධානමක් පවතියි නම් ;
      • උදව් ඉල්ලා හඬ නගා කෑ ගසන්න.
      • පිරිස ගැවසෙන තැනකට හැකි ඉක්මනින් පිවිසෙන්න.
      • දැඩි තර්ජනයකට මුහුණ පා ඇත්නම් වහා ක්‍රියාත්මක වී පහර දී පිරිස ගැවසෙන පෙදෙසකට වේගයෙන් දිව යන්න.

      මේ කාන්තා ඔබගේ වටිනා ජීවිතයයි! එය රැකගැනීමේ පරම යුතුකම ඔබ සතුය.

      Special for blog
      Read More »

      ස්වයං වින්දනයට හෝ අයෝනි මෛථුන්‍යයට ඇබ්බැහි වන්නේ ඇයි ?

      ස්වයං වින්දනයට හෝ අයෝනි මෛථුන්‍යයට ඇබ්බැහි වන්නේ ඇයි ?

      අද මා සාකච්ඡාවේ යෙදෙනුයේ අයෙකු ස්වයං වින්දනයට හෝ අයෝනි මෛථුන්‍යයට ඇබ්බැහි වීමට ඇති ප්‍රධාන කරුණු හා ඒවායේ ගුණාගුණ පිළිබඳවය.

       ඇත්තටම පිරිමි අයකු ස්වයං වින්දනයට හුරු වනුයේ ද්විතික ලිංගික ලක්ෂණ පහළ වන අවධියේදී ම ය. කාන්තාවක නම් මේ ආකාරයම හෝ තවත් කලක් ගතවනු ඇත. නමුත් කාන්තාවකට සමාජයීය සංස්කෘතිය මගින් මෙය ඉතාමත් පහත් ක්‍රියාවක් ලෙස අරුත් දක්වා ඇති බැවින් බොහෝ දෙනා මෙයට ඇබ්බැහි වීමක් හෝ අත්හදා බැලීමට බිය වෙති.


      ඇත්තටම ස්වයංවින්දනය නරක ක්‍රියාවක්ද ? පිළිතුර නම් ඇත්තටම නැත.

      නමුත් ලාංකේය සමාජයට පවතිනා  සංස්කෘතිය මගින් ඉමහත් පීඩනයක් උක්ත මාතෘකාව සබැඳිව එල්ල කොට ඇත. වඩාත් වැදගත් වනුයේ , මෙම සංස්කෘතිය අප වෙත පැමිණියේ කොහෙන්ද යන්නයි. මෙයට ප්‍රධාන වශයෙන්ම ඉන්දීය අබැස ලැබී ඇති බව පෙනී යයි. ඇත්තෙන්ම ඉන්දියාවේ මෙවැනි තහංචි තිබුණත් කම් සැප විදීමට ඉගැන්වූ ශාස්ත්‍රයක් තිබුණු බවට සාධක පවතී. අප සැමවිටම අසා ඇති  කාම සූත්‍ර යන්න ඉන්දියාවේ ඉමහත් පිළිගැනීමට ලක් වූ ශාස්ත්‍ර ග්‍රන්ථයකි. නමුත් ලංකාවේදී මේ පිළිබඳ සොයා බලන්නෝ හැරුණු විට අනෙකුත් හුදු ජනතාව ඇත්තෙන්ම ලිංගික ක්‍රියාව පිළිබදව පැහැදිළි දැනුමක් නැති බව දෛනික, සාතික , මාසික ව පළවන පත්තර සඟරා වල ඇති වෛද්‍ය ගැටළු පිරික්සීමේදී මොනවට පැහැදිළි වේ.

      නැවතත් මාතෘකාවට පිවිසෙමු. ස්වයං වින්දනය හෝ මෛථුන්‍යය කෙරෙහි ඇබ්බැහි වීමට ප්‍රධානතම කරුණ නම් මෙහිදී අයෙක් වෙත ලැබෙන්නා වූ තාවකාලික වින්දනයයි. ඇත්තෙන්ම මෙහිදී එකී පුද්ගලයාට ලැබෙන්නා වූ මානසික මෙන්ම කායික සතුට නැවත නැවතත් ලැබීමට මනස හෝ කය විසින් එකී පුද්ගලයාට කෙරෙන බලපෑම ඇබ්බැහි වීමක් බවට පත්වේ. ඇත්තෙන්ම මේ සඳහා වග කිවයුත්තේ අපගේ සිරුරෙහි ඇති හෝමෝන වේ. ස්වයං වින්දනය හෝ මෛථුන්‍යයේදී ඇතිවන සුරාන්තයේදි , සිරුරෙහි  ‘ඩෝපමින් ‘ නම් හෝමෝනය රුධිර සංසරණ පද්ධතියට ශ්‍රාවය වේ. මෙය  ‘සතුටු ‘ හෝමෝනය ලෙස බොහෝ විද්‍යාඥයන් පවසති. හෙරොයින් , කොඩීන් , මොෆීන් වැනි ඖෂධ තුළින් ද ඩෝපමින් නම් හෝමෝනය ශ්‍රාවය කරයි. මෙමගින් උක්ත ඇබ්බැහි වීම ඇති කරන බව විද්‍යාඥ මතයයි.

      නමුත් ස්වයං වින්දනය හෝ මෛථුන්‍යය අවධානම් ලේබලයක්  සමගම පැමිණේ. ඇබ්බැහි වීමෙන් පසු එය කෙසේ හෝ ලබා ගැනීමට මනස පෙළෙඹවීම් ඇති කරයි. එවිට ගණිකා ඇසුරට වැටීමට , පවුල් සංස්ථා බිඳවැටීමට , ලිංගිකව සම්ප්‍රේශනය වන රෝග වලට නිරාවරණය වීමට ඉඩකඩ ඇති අතර තත්වය උග්‍ර අවස්ථා වලදී බාහිර ද්‍රව්‍යයන් සිරුරට ඇතුළු කිරීමට උත්සහ කිරීම් සහ අවසානයේදී විෂාදය ආදී මානසික රෝග ආදිය වැළඳී සියදිවි හානි කරගැනීමද දක්නට හැකිය.

      එබැවින් තමා ස්වයං වින්දනය හෝ මෛථුන්‍යයෙහි යෙදේ නම් පිරිසිදුව යහපත් මානසිකත්වයෙන් , වරදකාරී හැගීමෙන් තොරව සිදුකරන්නේ නම් අතිශය සුන්දර අත්දැකීමක් මෙන්ම යහපත් ලිංගික සෞඛ්‍යයක්ද ලබාගනු ඇත.
      Read More »

      Sunday, August 28, 2016

      වෘෂණයේ ඉදිමීම්

      වෘෂණයේ ඉදිමීම් ඇති වන්නේඇයි?

      මෙය විවිධ හේතුන් නිසා ඇතිවිය හැක.
      • වෘෂණ වටා, වෘෂණ කෝෂ තුළ තරල එක්රැස්වීම
      • හර්නියා
      • බරවා රෝගය
        මෙවැනි තත්ත්වයන් ඇති වු විට අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුය.

      Read More »

      පෙර සම පිටුපසට කිරීමට නොහැකි වීමෙන් [phimosis and paraphimosis]

      පෙර සම පිටුපසට කිරීමට නොහැකි වීමෙන් ලිංගික සංසර්ගයේ දී ඇතිවන තෘප්තිය අඩුවෙනවාද?


      මෙම තත්ත්වය නිසා වේදනාවක් ඇතිවීමෙන් මෙලෙස සිදුවිය හැකිය

      පෙර සම පිටුපසට කිරීමට නොහැකි නම් ඒ සදහා කුමක් කළ යුතු ද?


      මෙය වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු තත්ත්වයකි. මෙහි දි කුඩා ශල්යකර්මයක් මගින් පෙරසම ඉවත් කිරීම හෙවත් චර්මජේදනය සිදු කල යුතුය.
      Read More »

      ශිෂ්ණයේ ප්‍රාණවත්වීම

      ශිෂ්ණයේ ප්‍රාණවත්වීම සම්බන්ධ ගැටළු ඇතිවන්නේ ඇයි?


      පිළිතුර : බොහෝවිට මෙයට හේතු වන්නේ මානසික ගැටළුය. නමුත් ඇතැම්විට දියවැඩියාව, අධික මත්පැන් භාවිතය හා දුම්පානය මෙයට දායකවේ. දිගු කලක් තිස්සේ සමහර විට ඖෂධ භාවිත කිරීම ද මෙම තත්ත්වයට හේතුවකි.

      Read More »

      ඔසප් චක්‍රය නැවතෙන්න ළඟද?


      ආර්තවහරණය හෙවත් ආර්තවභාවය (ර්ඥදධනචභඵඥ) යනු ආර්තව ක්‍රියාවලිය නතර වීමයි. සාමාන්‍යයෙන් කාන්තාවකගේ ආර්තවහරණ ක්‍රියාවලිය වයස අවුරුදු 45ත් 55ත් අතර කාලයකදී සිදුවේ. ඇතැම් අවස්ථාවල වයස අවුරුදු 45ට පෙරද ආර්තවහරණයට ලක්වන කාන්තාවන් සිටී. ඇතැම් අවස්ථාවල ඩිම්බ කෝෂ ශල්‍යකර්මයකින් ඉවත් කළ විට කෘත්‍රිම ආර්තවහරණය ඇතිවේ. සාමාන්‍යයෙන් ආර්තවහරණයට පත්වී ඇතැයි සැලකෙන්නේ අවසන් වරට ඔසප් වීම සිදුවී මාස 12ක් පමණ ගත වූ විටය.

      ආර්තවහරණය පෙර ලක්ෂණ
      ආර්තවහරණය සිදුවීමට පෙර වසර හතරක පමණ කාලයක් ඩිම්බ කෝෂවල ක්‍රියාකාරීත්වය ක්‍රම ක්‍රමයෙන් අඩාළ වීම සිදුවේ. මෙම කාලවකවානුව තුළ ඩිම්බ කෝෂවලින් ශ්‍රාවය වන ඊස්ට්‍රජන් හා ප්‍රජේස්ටරෝන් හෝමෝන ක්‍රම ක්‍රමයෙන් පහළ යන අතර, ශරීරයේ ඊස්ට්‍රජන් මට්ටම පහත වැටීමත් සමග කාන්තාවට විවිධ ශාරීරික හා මානසික වෙනස්වීම්වලටද මුහුණ දීමට සිදුවේ.
      ආර්තවහරණය සිදුවීමට මුල පුරන කාලයේ ආර්තව චක්‍රයේ වෙනස්වීම්ද සිදුවිය හැකිය. ඒ අනුව මෙම කාලය තුළ ආර්තව චක්‍රය කෙටි වීම හෝ දීර්ඝ වීම සිදුවිය හැක.

      ආර්තවහරණය ආසන්නවත්ම බොහෝ කාන්තාවන් පීඩාවට පත් කරන තත්ත්වයක් වන්නේ ඇඟ උණුසුම් වීම හා රාත්‍රියට දහඩිය දැමීමයි. මෙම තත්ත්වය පහළ වන විට අධික ලෙස දහඩිය දැමීම සිදුවන අතර සීතල දේශගුණික තත්ත්ව යටතේ පවා මෙම දහඩිය දැමීම සිදුවිය හැක. මෙහිදී සැණෙකින් ඇඟ රත්වීම සිදුවන අතර පපුවේ ගැස්ම, හතිය, ක්ලාන්තය ආදී ලක්ෂණ ඇතිවේ.
      ඇතැම් කාන්තාවන්ට රාත්‍රී කාලයේ නිතර නිතර ඉහත තත්ත්වයන් ඇතිවන නිසා නින්ද නොයෑමේ ගැටලු ඇතිවිය හැක. ඊස්ට්‍රජන් හෝමෝනයේ අඩුකම නිසා යෝනි මාර්ගයේ වියළි ස්වභාවයක් ගැනීම නිසා ලිංගික ක්‍රියාවලිය කෙරෙහි උනන්දුවක් නොමැති වන අතර, ලිංගික එක්වීමකදී වේදනාවක් ඇතිවේ. සම රැළි වැටීම, මූත්‍රා මාර්ගයේ ආසාදන සහ ඊස්ට්‍රජන් හෝමෝනය අඩුකම නිසා අස්ථි බිඳීමේ ප්‍රවණතාව සාමාන්‍ය කාන්තාවකට වඩා වැඩිය. මෙම කාන්තාවන්ට ඔස්ටියෝ‍පොරොසිස් රෝගයට ගොදුරු වීමේ අවදානමද වැඩි වේ.

      ආර්තවහරණයට පෙර සිදුවන මානසික වෙනස්කම්
      කායික වෙනස්කම් තරමටම මානසික වෙනස්කම්වලටද මෙම කාන්තාවන්ට මුහුණ දීමට සිදුවේ. අමතක වීම, විෂාදය, නුරුස්සනසුලු ස්වභාවය මෙන්ම මානසික ආතතිය ආදියයි. මෙම ලක්ෂණ රෝගී ලක්ෂණ නොවූවද ඇතැම් කාන්තාවන්ට මේවා පීඩාකාරී ස්වභාවයක් ගනී. එම පීඩාකාරී බව කාලයක් පැවැතිය හැකි අතර මේ හේතුව නිසා වැඩිපුරම මානසික කැලඹිල්ලෙන් කටයුතු කරනු දැකිය හැක.
      ඇතැම් කාන්තාවන්ට ආර්තවහරණයෙන් පසු යෝනි මාර්ගයෙන් රුධිරය පිටවීමක් සිදු වුවහොත් ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයකු වෙත යොමු වී ගැබ්ගෙල හා ගර්භාෂයේ රෝග හා වෙනත් රෝග ඇද්දැයි පරීක්ෂා කරගත යුතුය.

      වෙනත් රෝග තත්ත්වයන්
      ආර්තවහරණය සමග අධික රුධිර පීඩනය, පියයුරු පිළිකාවලට ඇති අවදානම වැඩිවන හෙයින් වසරකට වරක්වත් වෛද්‍ය පරීක්ෂණයකට යොමුවීම වැදගත්ය. ආර්තවහරණය රෝග ලක්ෂණයක් නොවූවද ඇතැම් පීඩාකාරී තත්ත්වයන් නිසා ඖෂධ ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. එහිදී ඊස්ට්‍රජන් හා ප්‍රජෙස්ටරෝන් අඩංගු හෝමෝන වර්ග ඉතා කෙටි කාලයක් සඳහා (ඇතැම් අවස්ථාවල) නිර්දේශ කරනු ලැබේ.
      යෝනි මාර්ගය ආශ්‍රිතව වියළි ස්වභාවයක් ඇති විටෙක ඊස්ට්‍රජන් හෝමෝනය අඩංගු ක්‍රීම් වර්ගයක් භාවිත කළ හැක. කෙසේ වුවත් මෙහිදී ඖෂධවලට වඩා වැදගත් වන්නේ මෙම අවස්ථාව පිළිබඳ නිසි අවබෝධයක් සහිතව එය තේරුම් ගැනීමට උත්සාහ දැරීමයි.

      මෙම අවස්ථාවට සාර්ථකව මුහුණ දීම
      රෝගයක් නොවූවත් සිරුරට පීඩාකාරී බවක් එක්වන බොහෝ අවස්ථාවල ඉවසීමෙන් හා අවබෝධයෙන් එය ජය ගැනීම කළ හැක. මෙහිදී සමබර ආහාර වේලක් ගැනීම, උසට සරිලන අයුරින් බර පවත්වාගෙන යෑමත් වැදගත් වේ. මෙයට අමතරව දිනකට පැය භාගයක්වත් ව්‍යායාමවල යෙදීම වැදගත් අතර මත්ද්‍රව්‍යවලින් වැළකීමත්, සෘජුව හෝ වක්‍රාකාරව සිදුවන දුම්පානයෙන් ඈත්වීමත් වැදගත් වේ.
      මෙම කාලය තුළ මානසික සතුට වැදගත් බැවින් දුවා දරුවන් සමග සතුටින් කාලය ගත කිරීමේ අවස්ථාව උදාකර ගැනීම වැදගත්ය. අධ්‍යාත්මික දේවලට වැඩිපුර කාලය යෙදවීම මගින් මානසික සහනය ලබාගත හැකි අතර ආර්තවහරණයට පෙර සිදුවන වෙනස්කම්වලට ගොදුරු වීමේ අවදානම අඩු කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

      වෛද්‍ය ඉන්දික එල්ලාවල
      ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි, දෙහිවල

      සටහන- දීපා වසන්ති එදිරිසිංහ (රිවිර)
      [සම්පුර්ණ අයතිය කතෘ සතුය. උපුටා ගැනීමකි]
      Read More »