Tuesday, August 30, 2016

දරු ප්‍රසූතියෙන් පසු?

දරු ප්‍රසූතියෙන් පසු?

යුබෝවන්! අද දවස ඔබට කෙසේද? අද මා සාකච්ඡා කිරීමට බඳුන් කරන්නේ විශේෂ මාතෘකාවක් පිළිබඳවයි! මාගේ බ්ලොගයේ දිගු නිහැඬියාවකින් පසු නැවතත් ඔබ වෙත කරුණු දැක්වීම පිළිබඳ මා බෙහෙවින් සතුටට පත් වෙමි. 


පළමුවෙන් ම මා සකච්ඡා කිරීමට යනුයේ ඔබ දරුවා ප්‍රසූත කළ ආකාරය අනුව ඔබට සිදුවන වෙනස්කම් සහ ඒවාට මුහුණ දෙන අාකාරය වේ. 

ස්වභාවික යෝනි මාර්ගික දරු උප්පත්තිය



ස්වභාවික දරු උපතකදී ඔබගේ ශ්‍රෝණි මේඛලාව සහ ගැබ් ගෙල අෑත් වීමකට ලක් වී යෝනි මාර්ගය දිගේ දරුවාගේ හිස කොටස එළියට පැමිණේ. එහිදී යෝනියද ඇදීමකට ලක්වී කෙමෙන් දරුවාගේ හිස පිටස්තර පරිසරයට පැමිණේ. ඇතැම් විට යෝනි විවරයෙහි ඉඩ ප්‍රමාණය වැඩි කිරීමට වෛද්‍යවරයා යෝනියත් ගුද මාර්යත් අතර ඇති පෙදෙසට කැපුමක් යොදනු ලැබේ. 


  • මෙවන් කැපුමක් සිදු කළහොත් එය සුව වන තුරු යෝනිය සහ තුවාලය ආශ්‍රිත පෙදෙස හැකි තරම් වියලිව සහ පිරිසිදුව තබා ගත යුතුය 
  • දරු ප්‍රසූතියෙන් පසු වැදෑමහ සහ තවත් ශ්‍රාවයන් පිටවන නිසා විශේෂ සනීපාරක්ෂක තුවා පැළඳා සිටීම සුදුසු වේ 
  • ශ්‍රෝණි මේඛලාව සහ ගැබ් ගෙල සහ යෝනිය දිගැදුමකට පත් වීමට නැවත යතා තත්වයට පත් වීමට යම් කිසි කාලයක් වැය වේ. දෙවනුවට ඔබට ඔබගේ යෝනියේ පළමු ප්‍රසූතයට පෙර තිබූ තද ගතිය නැති බව හැඟෙනු ඇත. ඒ සඳහා ඔබ මාගේ පෙර ලිපි වල සඳහන් කීගල් ව්‍යායාම පද්ධතිය කිරීම ඔබගේ යෝනි බිත්ති යතා තත්වයට පත්කිරීමට මහත් පිටිවහලක් වනු ඇත. 



වෛද්‍ය සහය ආධාරයෙන් / තෝරාගත් දරු උපත් ක්‍රමවේද / සිසේරියන් සැත්කම

සිසේරියන් සැත්කම කිරීමේදී ඔබගේ යටිබඩ ප්‍රදේශයෙන් කැපුමක් සිදුකර විවෘත කොට ගර්භාෂයේද කැපුමක් යොදා දරුවා බිහිකරනු ලැබේ. මෙහිදි ස්වාභාවික දරු උපතක මෙන් සංකුලතා සිදුවීම අවම වන අතර ශ්‍රෝණි මේඛලාව සහ ගැබ් ගෙල සහ යෝනිය දිගැදුමකට පත් වීම සිදුවන්නේ නැත. 
  • මෙහිදී සැලකිලිමත් විය යුතු කරුණ නම් මෙම සිදුකරන කැපුම සහ එම තුවාලය පිරිසිදුව සහ වියළිව තබා ගැනීමයි. 
  • සාමාන්‍ය දරු ප්‍රසූතියකට වඩා , සිසේරියන් සැතකමෙන් පසු යෝනිය හරහා ලේ සහ ශ්‍රාවයන් පිටවන නිසා විශේෂ සනීපාරක්ෂක තුවා පැළඳා සිටීම සුදුසු වේ. 
  • වෛද්‍යවරුන් විසින් වේදනා නාශක සහ ඇන්ටිබයොටික් ඖෂධ ලබා දෙන අතර ඒවා නිවැරදි වේලාවට නිවැරදි මාත්‍රාවට ලබාගත යුතුය 



කෙසේ වෙතත් අලුත දරුවකු බිහි කළ මවුවරුනට ඇති ප්‍රධානම ගැටළුව නම් දරුවාට කිරි දීමයි. මෙය මුලින් වේදනාකාරී අත්දැකිමක් වීමට වැඩි ප්‍රවණතාවක් ඇත. මක් නිසාද යත් තනපුඩු තවමත් කිරි දීමට හුරුවී නොමැති වීමත් එනිසාම එය ඉදිමීමට සහ පැසවීමට ඉඩ ඇති නිසාය. මේ සඳහා ඔබට ඔලිව් තෙල් තනපුඩු වල ආලේප කිරීමෙන් යම් සහනයක් ගත හැකිය.

ව්‍යායාම කිරීම



ඔබ දරුවා බිහිකරන තුරු ඔහුගේ/ඇයගේ බර දරාගෙන සිටීම උදෙසා ඔබගේ ඉරියව්ව ස්වභාවිකම වෙනස් වේ. එසේම ඔබගේ උදර මාංශපේශීන් ඉතා ඇදීමටක ලක් වේ. එවිට එම මාංශපේශීන් දුර්වල වේ. විශේෂයෙන්ම පිට කොන්ද ආශ්‍රිත මාංශපේශින් සහ උදර මාංශපේශීන් මෙලෙස දුර්වල වේ.ව්‍යායාම වලින් තොරව මෙම මාංශපේශින් නැවත යතා තත්වයට පත් කළ නොහැක. ඇතැම් විට ඔබගේ උදරයේ තිබූ ඇදුනු සලකුණු (Stretch marks) නැති නොවනු ඇත.


සාමාන්‍ය දරු උප්පතියකින් සති 6 කට පසු සුළු ව්‍යායාම වලින් පටන් ගෙන එය වර්ධනය කරගත හැකිය. එහෙත් සිසේරියන් සැත්කමකින් පසු අවම වශයෙන් මාස 3ක් වත් සිටිය යුතු වේ. මක්නිසාද යත් කැපුමකට ලක් වූ සියලු මාංශපේශීන් නැවත යතා තත්වයට පත්වීමට එතරම්ම කාලයක් යන බැවිනි. මෙම ව්‍යායාම කිරීම සඳහා සුදුසු උපදෙස් වෛද්‍යවරයාගෙන් ලබාගත හැකි අතර ලංකාව තුළ මෙම ව්‍යයාම සිදුකිරීම සඳහා ආයතන සුළු ප්‍රමාණයක් පවතී.

නැවත ලිංගික එක්වීම



දරු ප්‍රසූතියෙන් මාස 03 පමණ පසු ඔබට ලිංගිකව එක්වීමට පුළුවන. එහෙත් කිරි දෙන අවධියේදී ශරීරයේ ඊස්ට්‍රජන් හෝර්මෝනය පහළ යෑම නිසා ලිංගික ආශාව පහත වැටීමත් , යෝනි මාර්ගය වියළි බව ඇති වීමත් නිසා ලිංගිකව එක්වීම වේදනාකාරී විය හැකිය. එබැවින් ලිංගිකව එක්වන්නේ නම් ලිහිසි ද්‍රාවණයක් බාවිත කරන්නේ නම් යෝග්‍ය වේ. කෙසේ වෙතත් මේ අවධියේදි නැවතත් ඔසප් වීම ඇතිවිය හැකිවාක් මෙන්ම එය අක්‍රමවත් වීමේ සම්භාවිතාවක්ද පවතියි. තවද ඔබ නැවත ගැබ් ගැනීමේ සම්බාවිතාවක්ද පවතී. එබැවින් වෛද්‍ය නියමය මත උපත් පාලන ක්‍රම බාවිතා කරන්න. ඔබට දරුවකු සෑදීමට අවශ්‍ය නම් අවම වශයෙන් පෙර දරුවාට වසරක් වන තුරු වත් පවුල සැලසුම් කරන්න


එසේම ඔබට ලිංගිකව එක්වීම වේදනාකාරී නම් ඔබගේ සහකරු සමග සාකච්ඡා කොට සම්මුතියකට පැමිණෙන්න. ඔහුගේ ආශාවන්/ අවශ්‍යතාවන් ඉවත දමන්න එපා! ලිංගිකව එක් වන වා සේම වෙනත් ආකාර වලින් ඔබගේ සහකරු සැනසිය හැකිය.
Specil thanks for

ආදරය , ලිංගිකත්වය හා ලිංගික අධ‍්‍යාපනය (love , sex , sex education)

Read More »

පිරිමින්ගේ සුරාන්තය සහ ඖෂධ! - Male Climax and Pharmaceutical Drugs !


මා හට ලැබෙන අතිමහත් ගැටළු වලින් එකක් වන පිරිමින්ගේ සුරාන්තය සහ එයට අදාළ ගැටළු කිහිපයකට පිළිතුරු වශයෙන් මෙම ලිපිය ලිවීමට අදිටන් කළෙමි. මෙවැනි ලිපි ලිවීමට මා හට ධෛර්යය ලබා දෙන පාඨක ඔබ සැමට මාගේ කෘතඥතාවය මෙයින් පළ කර සිටිමි.මෙම ලිපියට පෙර මා විසින් පළමුවෙන්ම ලියූ ලංකාවේ කොල්ලන්ගේ හා කෙල්ලන්ගේ දැනුම  යන ලිපියෙන්ද මේ පිළිබඳව විස්තර කර ඇත්තෙමි. එහෙත් තවත් විස්තර සහිතව මෙම ලිපිය ලිවීමට මම අදහස් කළෙමි.

ඇත්තෙන්ම පිරිමි යන කොට්ඨාශය සෑදී ඇත්තේ තම වර්ගයා හැකි පමණ බෝ කිරීමටය. මේ සඳහා ස්වභාවධර්‍මය විසින් ලබා දී ඇති දායාදයක්  ලෙස ඉක්මනින් ශුක්‍රාණු පිට කිරීමේ යාන්ත්‍රණය හඳුන්වා දිය හැකිය. මෙය විනාඩි 3 සිට විනාඩි 10 දක්වා දිගු විය හැකිය. එහෙත් වත්මන් සමාජය තුළ පිරිමියා දිගු කාලයක් ලිංගික ක්‍රියාවෙහි යෙදීම ඉස්මතු කර ඇති බැවින් ( විශේෂයෙන් කාමුක නිල් චිත්‍රපට වල) පිරිමියාට දැඩි පීඩනයක් එල්ල වී ඇත. බොහෝ පිරිමින් තම ලිංගිකත්වය පිළිබඳ මානසිකත්වය සාදා ගන්නේ නිවැරදි පොත පත ආශ්‍රයෙන් හෝ නිවැරදි දැනුම ඇති අය ආශ්‍රයෙන් නොවන බව මා පුන පුනා පවසන කාරණයකි. ඇතැම් පිරිමින් සිතා සිටිනුයේ ලිංගික කර්තව්‍යය විනාඩි 45 ක් පමණ අල්ලාගෙන සිටිය හැකි දෙයක් ලෙසය. ස්වභාවිකව එකදිගට එය එසේ කළ හැකි පිරිමියෙක් වෙතොත් මම ඔහුට ඊර්ශ්‍යා කරමි. ඔහුගේ සහකාරියට ඔහු , ඇය ලැබූ මෙලොව උතුම් ම ත්‍යාගය වනු ඇත. මා දැන් ඔබ සමග සාකච්ඡා කිරීමට යන කරුණු මුළු පිරිමි සමාජයට මෙන්ම ලිංගික ඇසුරක් පවත්වන සියලුම කාන්තාවන්ට වැදගත් වන අතර , පිරිමි තමාගේ හැකියාව පිළිබඳව ඇති හීන/අධි මානය සහ කාන්තාවන් පිරිමින්ගෙන් බලාපොරොත්තු වන දේ පිළිබඳ නව අරුතක් මෙන්ම නව මානයක් ද පැනනංවනු ඇත.

විද්‍යාඥයන් හා ලිංගිකත්වය පිළිබඳ විශේෂඥයන්ගේ පර්යේෂණ අනුව යම් පිරිමියෙකු ලිංගිකව එකතු වී සුරාන්තයට පත්වීමේ අරමුණින් එක දිගට තම ලිගුව ඇතුළු කරන්නේ නම් ඔහු විනාඩි තුනත් දහයත් අතර තුර කාලයේදී සුරාන්තයට පත්වේ. එහෙත් මෙය පිරිමියාගේ ලිංගික දරාගැනීම , මානසික තත්ත්වය ආදී දේ මතද සහකාරියගේ යෝනිය කෙතරම් තෙතමනය ඇත්ද , යෝනිය කෙතරම් තද ද යන්න මතද රඳා පවතියි. මෙම ලිංගික ක්‍රියාවේ ආරම්භයේ සිට සුරාන්තයට පත්වීමට ගත වන කාලය වැඩි කරගැනීමට ස්වභාවික ක්‍රම කිහිපයක් ඇත.

  • සිත වෙනතකට යොමු කිරීම
ඇත්තෙන්ම මෙය මඳක් අපහසු වනුයේ අප මෙයට නුහුරු බැවිනි. මක්නිසාද ලිංගික කර්තව්‍යයේ යෙදෙන පිරිමියෙකුගේ මනසේ ස්වභාවයෙන්ම ඇත්තේ හැකි පමණ ඉක්මනින් සුරාන්තයට පත්වීමයි. එබැවින් මෙම මානසිකත්වය වෙනස් කිරීමට සිත වෙනතකට යොමු කිරීම මගින් සුරාන්තයට පත්වීමට ලැබෙන ස්නායුමය පීඩනය මඳක් වෙනස් කළ හැකිය.
  • නවතා නැවත ආරම්භ කිරීම
සුරාන්තයට ළඟා වීමට ආසන්න වන විට ලිගුව ඇතුළු කිරීම නවතා මඳ විවේකයක් ගැනීමෙන් සුරාන්තයට පත්වීමේ විභවය පහත හෙළිය හැකිය. 
  • සෙමෙන් සෙමෙන් ලිඟුව තල්ලු කිරීම
බොහෝ පිරිමි ලත් තැනම ශිඝ්‍රගාමී ගමනේ යෙදෙති. මෙය දිගු වේලාවක් රතිකෙළියෙහි රැඳීසිටීමට විශාල බාධාවකි. තම සහකාරිය සමග සුහද ආලිංගනයේ යෙදෙමින් සෙමෙන් සෙමෙන් මෛථුන්‍යයේ යෙදෙන්න.
  • ඉරියව් මාරු කිරීම සහ තම සහකාරිය සහ තමා ලිංගික ක්‍රියාවෙහි මාරුවෙන් මාරුවට මුල්තැන ගැනීම
පිරිමියාට සහ ගැහැණියට ආශ්වාදය විවිධ අයුරින් ලැබෙන ලිංගික ඉරියව් බොහෝ ප්‍රමාණ ඇත. එලෙසම පිරිමියාට මෙන්ම ගැහැණියටද ලිංගික ක්‍රියාවෙහි මුල්තැන ලබාගත හැකි ඉරියව්ද ඉහත ඉරියව් කුලකයේ පවතියි. මෙලෙස ඉරියව් මාරුකිරීම සහ රිද්මයේ වෙනස් කම් කිරීම් මතින් ද සුරාන්තයට ළඟා වීමේ විභවය අඩුකරගෙන දිගු වේලා මෛථුන්‍යයේ යෙදිය හැකිය.

  • කීගල් ව්‍යායාම කිරීම 
කාන්තා සුරාන්තය පළමු කොටස හිදී මා සඳහන් කළ PC මාංශපේශි ව්‍යායාමයන් පිරිමින්ටද අතිශය වැදගත් වනුයේ ඔවුනට සුරාන්තය පාලනය කිරීමක් PC මාංශපේශි පාලනය කිරීමට ඉගෙන ගැනීම කළ හැකි බැවිනි.

 ඉහත කරුණු ස්වභාවික දේ වුවද බොහෝ පිරිමින් තම වින්දනය මෙන්ම තම හීන මානය නැති කරගැනීමට බොහෝ ඖෂධ වෛද්‍ය අනුමැතියකින් තොරව භාවිත කරයි. මෙවැනි බොහෝ ඖෂධ ලිංගික බෙලහීනතාවයට ලබාදෙන ඖෂධ වේ. ඇතැම් මෙවැනි ඖෂධ වල අතුරුප්‍රතිඵල ලෙස ලිඟුව ප්‍රාණවත් වීම සැලකිය හැකිය. පැරසිටමෝල් වැනි එදිනෙදා බොහෝ දෙනා භාවිතකරන  වේදනා නාශක වලද අතුරු ආබාධ පිළිබඳ කිසිදු දැනුමක් අපහට නැති නම් ; මෙවැනි ඖෂධ භාවිතයෙන් සිදුවන අතුරු ආබාධ පිළිබඳ අපට වැටහීමක්  කොහෙත්ම නැතිබව අප වටහා ගත යුතුය. කෙසේ වෙතත් මෙවැනි  ඖෂධ භාවිතයෙන් ලිංගය ප්‍රාණවත්ව තබාගත හැකි අතර දිගු වේලාවක් සුරාන්තයට පත්වීමට ගතවේ. එහෙත් මෙය සහකාරියට කෙතරම් දුරකටසුඛදායී වේ දැයි මම නොදනිමි. එය ඔබ තීරණය කළ යුතු දෙයකි.
අවසානයේ බුද්ධිමත් ඔබට මා ඔබට ඉතිරි කර යන ගැටළුව නම් : 

ස්වභාවිකව මැරතන් තරගයක් දුවනවාද නැත්නම් තහනම් උත්තේජක අරගෙන තරගයෙන් ඉවත් වනවාද යන්නයි!

Special thanks for

Read More »

සුරාන්ත(ය) - කාන්තාවන්ට අතිවිශේෂයි! - දෙවන කොටස


මෙම ලිපිය මාගේ කාන්තාවන්ගේ සුරාන්තය පළමු කොටස  සහ සුරාන්තයේදී කාන්තා දියවිදුම යන ලිපි හා බැඳේ. පෙර ලිපි වලදී , ශ්‍රෝණිය පෙදෙසේ හෙවත් ශරීරයේ ඉදිරිපස පෙදෙසට මුහුණලා , යෝනි මාර්ගය තුළ අඟල් දෙකක් පමණ ඇතුළතින් ඇති පීඩනයට සංවේදී ස්ථානයක් ඇති බවත් , ප්‍යුබෝකොක්සිගස් යනුවෙන් මාංශපේශි ඇති බවත් ඒවා ශක්තිමත් කර ගැනීමෙන් විශිෂ්ට සුරාන්ත(ය) ලඟා කර ගත හැකි බවත් පැවසිනි. මෙම ලිපි වලට මහත් ප්‍රතිචාර තිබූ බැවින් මෙහි දෙවන කොටසක් ලෙස එහිම අටුවාවක් ගෙන හැර දක්වමි.

කාන්තාවන්ට සුරාන්තයට ළඟා වීමට ප්‍රධානතම බාධාවක් වනුයේ ඔවුනගේ ලජ්ජාවයි. එය සත්‍යයකි. සුරාන්තයට ළඟා වන විට තමා සතුව තිබූ සියලු ම මානසික සහ කායික පාලනයන් ගිලිහී යයි. සුරාන්තයට ආසන්නයේදී මෙම පාලනය තබා ගැනීමට උත්සහ කැරෙන කාන්තාවනට සුරාන්තයන් ළඟා කර ගැනීමට ඉතාමත් අපහසු වේ. මෙම පාලනය තබා ගැනීමට උත්සහ කෙරෙන මූලිකම හේතුව , තම සහකරුවා තමා පිළිබඳ වැරදි ලෙස දකීවි හෝ තමාට නිග්‍රහ කරයි හෝ තමාට විසුළු කරයි යන බිය වේ. ඇත්තම කාරණය නම් සහරුවාට අවශ්‍ය වනුයේ  (ඇත්තෙන්ම අරමුණ වනුයේ ) ඔබට හොඳ සුරාන්තයක් ලබා දීමටයි. ඔබට සුරාන්තයක් ළඟා කරදීමට ඔහු අපොහොසත් වුවොත් , ඔහුද මානසිකව ඇදවැටෙනු ඇත. මෙය ඉංග්‍රිසියෙන් help you , help me හෙවත් ඔබට උදව් කිරීමෙන් මටද උදව් ලැබේ යන සිද්ධාන්තය හා බැඳේ.

කාන්තාවන්ට විශේෂයෙන් සුරාන්ත ළඟා කරගත හැකි ඉරියව් කිහිපයක්ද පවතී. මේ අතුරින් සුනඛ ඉරියව්ව (Doggy position- Rear Entry ) , වැඩිදියුණු කරන ලද මිශනාරි ඉරියව්ව ( Modified Missionary position - front entry) , ගොපලු කෙල්ල අනික් පැත්තට ( Reverse Cow Girl - Seated ) , ගැට්ට මත ( On the edge - seated front entry ) ආදී වූ ඉරියව් කිහිපයක් වෙයි. මේවා මඳක් විමසා බලමු.

  1.  සුනඛ ඉරියව්ව (Doggy position- Rear Entry )

  2.  වැඩිදියුණු කරන ලද මිශනාරි ඉරියව්ව ( Modified Missionary position - front entry 
  3. ගොපලු කෙල්ල අනික් පැත්තට ( Reverse Cow Girl - Woman on top )
  4. ගැට්ට මත ( On the edge - standing front entry ) 
මේ මම ද අනුගමනය කරන යම් ඉරියව් ප්‍රමාණයකි. ඇත්තෙන්ම සහකරුට , තමාගේ සහකාරියට දිය හැකි උතුම් ම තෑගි වලින් එකක් ලෙස සුරාන්තය ලබා දීම හුවා දැක්විය හැකිය. මේ හැම ඉරියව්වකම ජී තිත පිරිමැදෙන අතර උසස් වින්දනයක් ලැබිය හැක. එසේම සමහර කාන්තාවනට ජී තිත පිරිමැදීම වේදනාකාරී හෝ අපහසුතා දෙන කරුණක් විය හැකිය.

සුරාන්තයක් ලැබීමේදී  හා ඒ අතරතුර කාලයේදී කාන්තාවකගේ සිදුවන කායික විපර්යාසයන් සැකවින් දක්වමි. මිනිසාට මෙන්ම දෙපයින් නැගී සිටින ක්ෂිරපායි සතුන් (වානරයන්) තම හැඟීම් මුහුණ මගින් පෙන්වයි. සුරාන්තයේ දීද මිනිසාගේ මුහුණේ ඉරියව් අනන්‍ය ලෙස වෙනස් වේ.
  • තනපුඩු විශාල වීම සහ තනපුඩුව ආශ්‍රිත තද පැහැති ප්‍රදේශය විශාල වීම සහ තවත් තද පැහැ වීම.
  • මුහුණ ආශ්‍රිත පෙදෙසෙහි රතු වීමක් දක්නට ලැබීම
  • හුස්ම ගැනීමේ වේගය වැඩිවීම.
  • මුහු‍ණෙහි ඉරියව් වෙනස් වීම ( වේදනාව හෝ සතුට හෝ මිශ්‍ර).
  • යෝනි ශ්‍රාවයන් වැඩි වීම
  • අතපය තද වීම
  • යටි බඩ පෙදෙස සහ ගුද මාර්ගික පෙදෙසෙහි අනිච්ඡානුග ගැස්ම ඇතිවීම
  • සන්තෘෂ්ටිය දනවන හඬ පිට කිරීම
  • හෘද ස්පන්දන වේගය වැඩි වීම
  • දහඩිය දැමීම
  • (ඇතැම් විට) දිය විදුම
Read More »

සුරාන්ත(ය) - කාන්තාවන්ට අතිවිශේෂයි! | Orgasm(s)- specially for ladies

සුරාන්ත(ය) - කාන්තාවන්ට අතිවිශේෂයි! | Orgasm(s)- specially for ladies

මම සති කිහිපයක් කල්පනා කිරීමෙන් අනැතුරුව කාන්තාවන්ගේ සුරාන්තය පිළිබඳ යම් විවරණිකාවක් ගෙන හැර දැක්වීමට ඉටා ගතිමි.  ඇත්ත වශයෙන් ම මෙම ලිපිය කියවන බොහෝ දෙනා සුරාන්තය යන්න කුමක්දැයි යන්තමින් හෝ දන්නවා ඇතැයි සිතමි.

ඇත්තෙන්ම කාන්තාව යනු  හාත්පසින්ම ලිංගික කර්තව්‍යයෙහිදී පිරිමින්ට වඩා වෙනස් අයුරින් ආශ්වාදය හෝ අත්දැකීම් ලබන කොට්ඨාශයකි. කාන්තාව පිරිමින් මෙන් ක්ෂණිකව ලිංගිකව උද්දීපනය නොවන අතර බොහෝ විට ස්පර්ශය , පරිසර උෂ්ණත්වය , ආරක්ෂාකාරී වටපිටාව , මානසික තත්ත්ව ආදී බොහෝ කරුණු මේ සඳහා බලපායි. ඇතැම් විට ඔබ නොදන්නවා වුවද ඇතැම් කාන්තාවන් සමහර ආදර නවකතා හෝ වෙනත් රූපමය නොවන මාධ්‍ය හරහා පරිකල්පනය මත හැඟීම් ඇතිකරගෙන සුරාන්තයට පත්වන අවස්ථාද අසන්නට දක්නට ලැබේ.

මෙම සුරාන්තය ඉතාමත් ප්‍රීතිමත් අත්දැකීමක් වන බව මම අත්දැකීමෙන්ම දනිමි. නමුත් ලංකාවේ බොහෝ කාන්තාවන් (විශේෂයෙන් විවාහක) කිසිදු අයුරකින් සුරාන්තයක් නොලබන බව ප්‍රසිද්ධ රහසකි. බොහෝ පවුල් සංස්ථා අවුලෙන් වියවුලට පත් වීමට තවත් ප්‍රධානතම කාරණාවක් නම් ගැහැණියකගේ මේ නොසන්සිඳෙන කාම ගින්නට කිසිඳු අයුරකින් හෝ සංතර්පනයේ පොද වැස්සක් වත් නොවැටීමයි. එහෙත් යම් යෙහෙකින් වෙනත් පිරිමියකුගේ පහසින් සුරාන්තයක් ලද හොත් ......... පවුල් සංස්ථාවේ සියලු අත්තිවාරම් බිඳී වැටෙනු ඇත.

කෙසේ වෙතත් අද සමාජයේ කාන්තාවන් සෑම විටම බොහෝ පීඩනයෙන් සිටින අතර තමා ගැනම අවතක්සේරුවෙන් සිටීම දක්නට ලැබේ. තමාගේ නොදකින ලස්සනක් එකතු කරගැනීමට විවිධ අලංකරණ යන් , ලිංගිකත්වය උද්දීපනය වන ඇඳුම් ආයිත්තම් හා විලාසිතා , දහස් ගණනින් වියදම් කරමින් රූ අලංකරණ ආයතන මගින් අනැවශ්‍ය රූපලාවන්‍ය කටයුතු , මැදිවියේ කාන්තාවක් නම් පියයුරු ඉස්සීමේ සැත්කම්, පියයුරු කුඩා නම් විශාල කරගැනීමේ සැත්කම් ආදී කී නොකී බොහෝ දෑ සිදු කරති. එහෙත් ඇත්තෙන්ම තමාට මෙයින් ආත්ම විශ්වාසය ඇතිවනවා යැයි සිතුවත් ඇත්තේන්ම ආත්ම විශ්වාසය බිඳ වැටීමක් සිදුවේ. මක්නිසාද පිටින් ඇති ඔපය ගැන පමණක් ඔබ විශ්වාසය තබා ඇති බැවිනි. නමුත් සත්‍ය වශයෙන්ම සිදුවිය යුත්තේ තමා තමා ගැනම දැඩි ආත්ම විශ්වාසයක් තබා ගැනීමයි. බාහිර අබරණ මගින් ඇත්තෙන්ම ලස්සන උදෘත කර දැක්වීමක් පමණක් කළ හැකි බව තරයේ විශ්වාස කළ යුතුය.

කාන්තාව වෙසෙසින්ම තමාට ආදරය කළ යුතුය. තම කයට , තම සිතට , තම සිතුවිලි වලට ආදරය කළ යුතුය. මෙහිදී හැඟීම් සඳහා විශේෂ තැනක් ලබා දිය යුතුය. එවිට තමාගේ කය නිරෝගීව තබා ගැනීමට නිසි ව්‍යායාමකළ යුතුය. නිවැරදි ආහාර රටාවන් පුරුදු පුහුණු විය යුතුය. මනස එක්තැන් කිරීමට සුදුසු මානසික ව්‍යායාමයක් , භාවනාවක් කිරීම වැදගත් වේ. ආගම දහමට නැඹුරු වීමද තවත් තමාගේ මානසික සෞඛ්‍යයට වඩාත් වැදගත් වේ.

මොහොතක් සිතන්න. ඔබ ඔබටම ආදරය නොකළහොත් තව කෙනෙකුට ඔබ ආදරය කරන්නේ කෙසේද? වෙන කෙනෙකුගේ ආදරයක් ලබා ගන්නේ කෙසේද? තමාට ලැබෙන ආදරයේ වටිනාකම දැනගන්නේ කෙසේද? බාහිර ඔපයට කැමති කාන්තාවන් හට නිතරම ලැබෙනුයේ ඔවුනගේ බාහිර ඔපයට කැමති පිරිමින් වේ. ඔවුන් කැමති ඔබ ළඟ දැවටීමටය . ළඟ තබා ගැනීමට නොවේ. මෛථුන්‍යයට මිස ආදරය කිරීමට නොවේ. නමුත් සරල තමාටම ආදරය කරන කාන්තාවක් හට පිරිමින් බොහෝ ගෞරව දෙති. ආදරය කිරීමට මිස ශෘංගාරයට ඉඩක් එහිදී නොලැබේ. මෙය සත්‍යය නොවේ දැයි ඔබ ඔබෙන්ම විමසා බලන්න.

කාන්තාවක් වීම ම මගින් ඔබට ලැබෙන වාසි අපමණකි. නමුත් කාන්තාවකගේ රාමුව මෙයැමම කියා තමාටම අතිශය ලෙස තහංචි පැනැවීම ඇත්තෙන්ම අවාසියකි. කාන්තාවක් නම් ඇත්තෙන්ම ලිංගික අධ්‍යාපනය ලබා තිබිය යුතුමය. කෙසේ වෙතත් නැවතත් සුරාන්තයෙහි ඇතුළු පැත්ත වෙත හැරෙමු. තමා වෙත ම ආදරය කරන ගැහැණිය තමාගේ සුරාන්තය කුමක්දැයි විශේෂයෙන් හැදෑරීමක් කළ යුතුය. මෙය තමාගේ කුමරි බඹසර සඳහා කිසිදු අයුරකින් හානියක් නොවන බව මා පෙර ලිපි වලින්ම සඳහන් කර ඇත්තෙමි. තමාගේ සුරාන්තය ගැන නොදන්නා ගැහැණිය වෙනත් අයකුගෙන් තමාට සුරාන්තයක් ලැබීම අපේක්ෂාව ඉතාමත් ආත්මාර්ථකාමී බව මාගේ හැඟීමයි.

භගමනිය (Clitoris ) මගින් සුරාන්තයක් ලබා ගත හැක. නමුත් මෙහිදී සැලකිලිමත් විය යුතු විශේෂ කාරණාවක් තිබේ. භගමනිය වෙත මඳ පීඩනයක් ලබා දීම මගින් ඉහළ ආස්වාදයකුත් , රළු දැඩි පීඩනයක් මගින් නීරස වේදනාවකුත් ලැබීමේ හැකියාවක් පවතී. නමුත් සුරාන්තයේ උපරිම ආස්වාදය විඳිය හැක්කේ යෝනි මාර්ගික උත්තේජනයකින් පමණක් බව මාගේ අත්දැකීමයි.මෙය කුමරි බඹසර හැසිරෙන්නියන් හට කළ නොහැකි අතර විවාහකයන්ට අත්‍යවශ්‍යයෙන්ම දැනගත යුතු කරුණකි.

G-spot හෙවත් ජී තිත යනු යෝනි මාර්ගයේ උඩු බිත්තියේ (ශ්‍රෝණි අස්ථී වලට මුහුණ ලා) ඇති අතිශයින්ම පීඩනයට සංවේදී ස්නායු අන්ත ඇති ස්ථානයකි. මාගේ පෙර ලිපි වල මේ පිළිබඳව සඳහන් කර ඇත. (දිය විදුම පිළිබඳ ලිපිය). මෙම ස්ථානය නිසි ලෙස උත්තේජනයෙන් කිසිදු අයුරකින් සම කළ  නොහැකි සරාගික ඉහළ උත්තේජනයක් ලබා ගත හැක.

නමුත් දැනගත යුතු කරුණක් නම් කාන්තාවන්ට දිගින් දිගටම සුරාන්තයට ළඟාවීමේ ඇති හැකියාවයි. පිරිමින්ට මෙන් නොව කාන්තාවන්ට තම දැවෙන ගින්න සන්තර්පණය කරගැනීමට ස්වභාව ධර්මය විශේෂයෙන් නිර්මාණය කරන ලද විශිෂ්ට දෙයකි. එහෙත් අද මා ඔබට පැවසීමට යන විශේෂ කරුණ නම් මෙම සුරාන්තය ඔබ දැනටත් වඩා ඉහළ මට්ටමකට ගෙන ඒමට අවශ්‍ය ව්‍යායාම කිහිපයකි.

අප මුත්‍රා පිටකරන විට මුත්‍ර පාලනය කරන මාංශ පේශී කිහිපයක් පවතී. මෙය Pubococcygeus පේශි ලෙස හඳුන්වයි. කෙටියෙන් මෙය P.Cහෙවත් PC ලෙසද කෙටියෙන් හඳුන්වයි. මෙම පේශිය පාලනය කිරීමට ඉගෙන ගැනීම මගින් ඉහළ වාසි අත්කරගැනීමට හැකි බව මා දනිමි. මමත් මාගේ බිරිඳත් මෙවැනි අත්හදා බැලීම් මගින් ඉහළ සන්තෘෂ්ටියක් ලබාගෙන ඇති අතර අපගේ ආදරය සහ ලෙන්ගතු කම වෙනදාටත් වැඩියෙන් දළු ළා වැඩෙමින් පවතී.

 PC පේශිය හඳුනා ගැනීමට හොඳම ක්‍රමය නම් මුත්‍ර පහ කරන වෙලාවට මදක් නැවතීමට උත්සහ කිරීමයි. මුලදී මෙය ඉතාම අපහසු විය හැක. මගේ මතකය හැටියට මාගේ බිරිඳ මෙය උත්සහ කළ පළමු වතාවේදී ඇස් වලින් කඳුළු වැටුන සැටි අද මෙන් මතකයේ ඇත. නමුත් ක්‍රමයෙන් මෙය උත්සහ කිරීමේදී  PC පේශිය වඩාත් හදුනා ගැනීමට සහ එය තද කිරීම සහ ඉහිල් කිරීම කළ හැක. සංසර්ගයේදී මෙම පේශිය තද කිරීමට උත්සහ කිරීමෙන් ඔබේ සහකරුවාට මෙන්ම ඔබටද වඩා හොඳ උත්තේජනයක් මෙන්ම සතුටක් ලැබෙනු ඇත.
Special thanks for 
Read More »

Is female squirting a myth? ( කාන්තාවන් සුරාන්තයේදි දිය විදීම මායාවක්ද?)

Is female squirting a myth? ( කාන්තාවන් සුරාන්තයේදි දිය විදීම මායාවක්ද?)

ආයුබෝවන් ! අද දවස ඔබට කෙසේද ? ඔබ මාගේ අනෙකුත් බ්ලොග් පිටු කියවා ඇතැයි සිතමි. අද මා සාකච්ඡා කිරීමට යන්නේ බොහෝ වැදගත් කාරණාවකි. ඔබ බොහෝ දෙනකු කාන්තාවන්ගේ සුරාන්තය පිළිබද යම් කිසි දැනුමක් ඇතැයි සිතමි. එසේ නොමැති නම් මාගේ attitude-towards-sex යන පිටුව කියවා බලන්න.

කෙටියෙන් පැවසුවහොත් කාන්තාවක් සුරාන්තයට පත් වන ක්‍රම කිහිපයක් ඇත.
  • පියයුරු උත්තේජනය
  • භගමනිය උත්තේජනය
  • යෝනි මාර්ගික උත්තේජනය
මෙහිදී යෝනි මාර්ගික උත්තේජනය විශේෂ තැනක් ගනුයේ කාන්තාවකට ඇයට ලැබිය හැකි උපරිම තෘප්තිය මෙමගින් ලබා ගත හැකි වීමත් , විශේෂ සිදුවීමක් වන දිය විදීමේ සංසිද්ධියද ඇති විය හැකි බැවිනි. මෙය 1940 දී පමණ ග්‍රා‍ෆෙන්බ‘ග් නම් නාරි වෛද්‍ය විද්‍යාඥයකු විසින් සොයා ගන්නා ලද ජී ස්ථානය හෙවත් පාරමෞත්‍ර ග්‍රන්තයේ ක්‍රියාකාරිත්වය නිසා සිදුවන්නක් විය හැකි බවද බොහෝ දෙනා පවසති.

බොහෝ කාන්තාවන් තම ජීවිතයේදී සුරාන්තයට පත්වී ඇති නමුදු දිය විදුමක අත්දැකීම ලබාගෙන නොමැති බව සංඛ්‍යාත්මක දත්ත මගින් පෙන්වා දෙයි. නමුත් මේ අතරින් 5% පමණ කාන්තාවන් ප්‍රමාණයක් තම සහජ හැකියාව මත කිසිදු අත්දැකීමක් නැතිව තම පළමු ලිංගික ක්‍රියාවේදීම දිය විදුම සිදුවේ. මෙම දිය විදුම සිදුවනුයේ පුරුෂයාගේ ශුක්‍ර පිටවීමට හා අදාළවම සංසිද්ධියකි. පුරුෂයාගේද  ශුක්‍ර පිටවීම මෞත්‍ර මාර්ගයෙන් සිදුවන අතර කාන්තාවකගේද දිය විදුම ද මෞත්‍ර මාර්ගයෙන් සිදුවේ. කාන්තාවකගේ මෙම දියෙහි අන්තර්ගතය විශ්ලේෂනය කළ  විද්‍යාඥයන් එය පුරස්ථිති ග්‍රන්ථියේ ද්‍රවයන් හා සමාන බවක් පෙන්වන බවත් මෙහි කිසිසේත් ම මුත්‍ර අඩංගු නොවන බවත් සොයාගෙන ඇත.

මෙම  දිය විදුම සිදුවීමට ඇති ප්‍රධානම බාධාව නම් කාන්තාවගේ මානසික සහ කායික තත්වයයි. තමා සහ තම සහකරු පිළිබද මනා විශ්වාසයක් සහිතව සිටීම වැදගත් වන අතර තමා අතින් සිදු වන සියලු දෙයහි සම්පූර්ණ වගකීම හා ආකල්ප වලට අන්‍යෝන්‍ය විශ්වාසය සහිත නම් මේ දිය විදුම සිදුකිරීම අපහසු සංසිද්ධියක් නොවනු ඇත. තවත් වැදගත් කාරණාවක් නම් කාන්තාවන් සුරාන්තය සහ දිය විදුම සිදුවන විට දැනෙන ස්වභාවය බොහෝ දුරට මුත්‍ර පිටවන්නා සේ දැනීමයි. මෙම කාරණාව නිසාම සමහර කාන්තාවන් සුරාන්තයට ළගා වීමට පවා බයක් දක්වන බව මාගේ මතයයි. මෙම මානසික බාධාව ඉවත් කර දමා දිය විදුම ඔබගේ දිවියේ විශේෂ දවසක ඔබගේ සහකරුට ලබා දීමෙන් ඔබගේ ආදරය මෙන්ම ලිංගික ජීවිතයද නව මගකට යොමු කරගත හැකි වනු ඇත.

එබැවින් කාන්තාවන් සුරාන්තයේදි දිය විදීම මායාවක් නොවන බවත් බොහෝ දෙනාට මෙම සංසිද්ධීය ළගා කරගැනීම සදහා කාලය මෙන්ම පළපුරුද්ද සහ තවත් බාහිර කාරණා අවශ්‍ය  බවත් මෙයින් සදහන් කරනු කැමැත්තෙමි .
Special thanks for
Read More »

Monday, August 29, 2016

කාන්තාවන්ට ලිංගිකව සක්‍රිය වීම අකැපද ?

කාන්තාවන්ට ලිංගිකව සක්‍රිය වීම අකැපද ?

 “ හොඳ පතිනියක් වුවත් තම සැමියා සමග නිදි යහනේදි වෙසඟනක් විය යුතුය“ යනුවෙන් ආදි කාලයේ පඬිවරුන් කීවේ කට කසනවාටද ? 


ආයුබෝවන්! අද දවස ඔබට කෙසේද ? අමුතුම ඇරඹුමකින්, මාතෘකාවට පිවිසියේ මෙය කාලීනව වැදගත් යැයි සිතුනු බැවිනි. ඉන්දීය සම්භවය මඳක් මිශ්‍රිත ලාංකේය සමාජය තුළ ලිංගිකත්වය පිළිබඳ කතා කිරීම බොහෝ ජුගුප්සාජනක දෙයක් යැයි මතයක් පවතියි. එහෙත් මිනිසා සමාජයීය සත්ත්වයකු ලෙස තම පහළ පරම්පරාව වෙත , තම දැනුම බෙදා දීම කළ යුතුව ඇති වුවත් මෙම “වැදගත්“ මාතෘකාව පිළිබඳව කිසිවෙකුත් කතා නොකරනුයේ මන්දැයි මට තවම නොවැටහේ.එම වගකීම අතට ගත් අප කණ්ඩායම මෙම බාධකය ඉවත් කිරීමට මහත් සේ කැප වන්නේය.

ලාංකේය කාන්තාවන් ඇත්තටම අද සිටින්නේ අසරණ අඩියකය. ලිංගික දැනුමෙන් සන්නද්ධ වූ කාන්තාවන් සිටිනුයේ අතළොස්සක් පමණකි. මම දැන් පවසනුයේ සංස්කෘතිය සදාචාරය කෙළෙසන දෙයක් නොවේ. ලංකාවේ පාසල් පද්ධතියට ඇතුළත් වූ සෞඛ්‍යය පාඩමේ  ප්‍රජනන පද්ධතියේ රූප පවා බැලීමට ගුරුවරු ඉඩ නොදෙති. ඇත්තෙන්ම ලිංගික දැනුමෙන් සන්නද්ධ වීම යනු අනාචාරයේ හැසිරීම නොවේ. මෙය තව දුරටත් පුළුල් කරත්දී ලිංගික පීඩනය , අයුතු යෝජනා , ලිංගික අතවරයක් සඳහා වටපිටාව සැකසීම ආදී වූ දැනුමද ඇතුළත් විය යුතු බව මාගේ මතය යි. මම , ඇත්තෙන්ම මේ පිළිබඳව ඉදිරි ලිපියකින් සාකච්ඡා කිරිමට අදිටන් කරගෙන සිටිමි.

නැවතත් මාතෘකාවට පිවිසෙමු. ලිංගික දැනුම නැතිව කිසිදු කලෙක පතිනියකට තම සැමියා සන්තර්පනය කළ නොහැකිය. මේ සඳහා අවශ්‍ය දැනුම , කෙසේ හෝ ලබා ගත යුතුය. අවාසනාවකට මෙම දැනුම ලැබෙන්නේ , දැනුවත් ,  වැඩිහිටියෙකුගෙන් හෝ සහෝදරයෙකු හෝ විශ්වාසවන්ත පුද්ගලයෙකුගෙන් නොවේ. අයහපත් මානසික සෞඛ්‍යයයෙන් හෙබි , ලිංගිකත්වය පිළිබඳ මිත්‍යා මත හෙබි , නොදැනුවත් පුද්ගලයන්ගෙන් ලැබෙන අවවාද , අනුශාසනා නොදැන බොරු වලක වැටීමක් වැනිය. කාන්තාවක් අනැවශ්‍ය ලෙස ලිංගිකව සක්‍රිය වුවහොත් , සමාජයෙන් අපවාද නිසැකවම නැගෙනු ඇත. මාගේ පෙර අබිසරු සහ කාමධේනුව යන ලිපියෙහි මේ පිළිබඳව සඳහන් කර ඇත්තෙමි. තවද කාන්තාවන්ගේ සුරාන්තය පිළිබඳවද , බොහෝ ප්‍රතිචාර ලැබුනු ලිපියද කියැවීමට යෝජනා කරමි.

කෙසේ වෙතත් කාන්තාව තම සැමියා සන්තර්පනය කළ යුතුමය. නැත්නම් පවුල් සංස්ථාව ඉක්මනින්ම දෙදරා යනු ඇත. සැමියාද තම බිරිඳ සන්තර්පනය කර සතුටින් තැබිය යුතුමය. එහෙත් කාන්තාවට තම සැමියා ලෙහෙසියෙන්ම සන්තර්පනය කළ හැකිය. නමුත් තමා කවරෙක්ද , තමාගේ ශරීරයේ හැකියාව කෙබඳුද , තමා කුමක් කළ යුතුද  යන්න පිළිබඳව දන්නා කාන්තාව තමාව පමණක් නොව තම සැමියාවද නිසි සේ සතුටු කරයි. කිසිම ලෙසකින් දැනුමක් නොමැතිව (අත්දැකීම් ඇතුව නොවේ!) යුගදිවියට එළැඹෙන කාන්තාව කෙටි කලකින්ම සංසර්ගය සහ ලිංගිකත්වය නිරස වන මට්ටමට පත් වනු ඇත.

කාන්තාවක් ඇත්තෙන්ම යුග දිවිය තුළදී ලිංගිකව සක්‍රිය විය යුතුමය. ලිංගිකව සක්‍රිය වීමට නම් කාලානුරූපීව ලිංගික දැනුම මෙන්ම අත්දැකීම්ද අත්පත් කරගත යුතුම ය. එසේම සැමියා මේ පිළිබඳව විවෘත මනසකින් , තම පියඹ පිළිබඳව විස්වාසයෙන් යුතුව සිටිය යුතුය. දෙදෙනා අතර අන්‍යෝන්‍ය සහයෝගය තිබිය යුතුමය. මක් නිසාද බොහෝ විට රති කෙළියේදී තම ගැහැණියගේ ආධිපත්‍යය , පුරුෂයා අපේක්ෂා කරන බැවිනි. තමාගේ ආශාවන් සන්තර්පනය කර ගැනීමට දන්නා සහ ස්වාධීන කාන්තාවන් කෙරෙහි පුරුෂයන් වැඩි ගෞරවයක් ඇති බව බොහෝ අය නොදන්නා කරුණකි.
Special thanks for

Read More »

ආදරය සහ රාගය

මේ පුළුල් වූ මාතෘකාව සදහා මා මුලින්ම සත්ත්වයා සහ මිනිසා යන දෙකොට්ඨාශයේ වෙනස පිළිබඳ හැඳින්වීමක් කරමු. මූලිකව ම මිනිසා සහ අනෙකුත් සත්ත්වයන් අතර ඇති සුවිශේෂි ම වෙනස වනුයේ මිනිසාට මිහිපිට වෙසෙන සියලු ම සත්ත්වයන්ට වඩා මුහුකුරා ගිය බුද්ධියක් තිබීමයි. මස්තිෂ්කයේ වර්ගඵලය වැඩි කිරීම මගින් මිනිසාට අතිවිශාල න්‍යුරෝන ප්‍රමාණයක් හිමිව තිබේ. එහෙත් අනෙකුත් සත්ත්වයන් ද කාලානුරූපීව බුද්ධිය විකාශනය වුව ද මිනිසා තරම් පරිකල්පන හැකියාවන් දියුණු කිරීමේ අරමුණක් උන් සතුව නැත.

තත්ත්වය මෙසේ තිබියදී අපි සියලු ම සත්ත්ව ලෝකය දෙස ඇස යොමා බලමු. සියලුම සත්ත්වයන් තම වර්ගයා බෝ කිරීමේ අවශ්‍යතාව මත ලිංගික සංසර්ගයේ යෙදේ. තවද මෙම සත්ත්වයන් හට වරකට පැටවුන් එකකු හෝ දෙදෙනකුට වැඩි ප්‍රමාණයක් බිහි කළ හැක. මෙය හුදෙක්ම ජීව රසායනික ක්‍රියාවලියක් වේ. සියලුම ගැහැණු සතුන් වසරේ නියමිත කාලයකදී ලිංගිකව සරු බවට පත් වන අතර පිරිමි සතුන් හට මේ බව , ගැහැණු සතුන්ගෙන් නිකුත් වන රසායනිකන් ගේ උත්තේජනයන් මගින් පවසනු ලබයි. මින් පසු පිරිමි සත්තු ගැහැණු සතුන් සමග එක් වීමට තරග කරති. ශක්තිමත්ම පිරිමි සතා ගැහැණු සතා සමග එක් වන අතර මෙහිදී තරග වැදීමේදී පිරිමි සතුන් මිය යාම ස්වභාව ධර්‍මයේ  කුරිරු බව මොනවට විදහා දක්වයි. මෙය රාගය හෝ ආදරය යැයි අර්ථකතනය කිරිම නිවැරදි නොවේ.

ආදරය හෝ රාගය යනු ඇත්තෙන්ම මිනිස් සිතේ උපදින සිතිවිලි මගින් ඇතිකරන්නා වූ මානසික මට්ටමකි. වෙනත් සතුන් හට  මෙය අල්ප වශයෙන් ඇති අතර තම දරුවන් රැකබලාගැනීම සහ ඉගැන්වීම සඳහා සහජයෙන් ඇති ඉව ඉවහල් වේ. පැටවුන් උස් මහත් වූ පසු ඔවුන් වෙන වෙනම ජීවත් වෙති. නමුත් මිනිසාගේ දෙමාපිය - දරු  ආදරය මෙයට වඩා පුළුල් විශයක් වන අතර අද දින මෙම මාතෘකාවේදී මෙය සාකච්ඡාවට බඳුන් නොවේ. මිනිස් ශිෂ්ටාචාරය විසින් රැගෙන ආ සංකල්පයන් මත අද මිනිසා තම වර්ගයා බෝ කිරීමට බාහිර පරිසරය යොදා නොගන්නා අතර සංවෘත ස්ථාන යොදා ගනියි. තම පෞද්ගලිකත්වය ලෙස සීමා මායිම් යොදා ගෙන තත්ත්වයන් බොහෝ සංකීර්ණ කරගෙන සිටිති. කෙසේ වෙතත් මිනිසාගේ පරිකල්පන හැකියාවත් , නූතන සමාජය විසින් අනුබල දෙන්නා වූ කාරණා නිසාත් මිනිසාගේ ආදරය සහ රාගයෙහි මානයන් වෙනස් වී ඇති බව නම් අප අද අත්දක්නා සත්‍යයක් වේ.

ඇත්තේන්ම ආදරය සහ රාගය යනු ඉතා බලවත් මානසික තත්වයන් දෙකක් වේ. මෙය නිසි ලෙස යෙදැවීමෙන් මිනිසෙකු දියුණුවට පත් වීමටත් , අගාධයට යෑමටත් පුළුවන. එහෙත් නන්දා මාලනිය පවසන අයුරින් “ප්‍රේමය නම් රාගයෙන් තොර , සඳ එළිය සේ අචින්ත්‍ය , පාරිශුද්ධ ! “  නම් නැත. ඇත්තෙන්ම ආදරය තුළ රාගය යම් පමණකට පවතී. නමුත් සර්‍වසම්පූර්ණයෙන්ම වූ රාගය තුළ ආදරයක් අනුකම්පාවක් ඇත්තේ ම නැත. රාගය තුළ ඇත්තේ අයෙකු තුළ ඇති බුර බුරා නැගෙන කාමාශාව සිඳුවා ගැනීමට ඇති ආශාවයි. පිරිමියෙකු සහ ගැහැණියක අතර ඇති ආදර ගනුදෙනුවේදි එකිනෙකා වෙත අනුකම්පාව , දයාව, සෙනෙහස මෙන්ම කායික ආශාවන් සන්තර්පනය කරගැනීමට අවැසි රාගයද තිබිය යුතුය. නැති නම් මෙය හුදෙක්ම උත්තමයන් සමාජයේ අන් අයට දක්වන ආදරයක් පමණක් වන අතර හෝ අනෙක් අතකට ගත්කළ ආදරයෙන් තොරව දක්වන්නා වූ ශාරීරික බැඳිම , සතුන් වර්ගයා බෝ කිරීමේ අරමුණ හා සමාන බව කිව හැකිය.

කෙසේ වෙතත් තවමත් අප මොළයෙහි දියුණු නොවූ කොටස් ඇත. රාගය , පළා යාම , සටන් කිරීම , හදිසි අවස්ථාවන් හිදි නොසිතන ජවයන් ලැබීම ආදී වූ නොයෙක් දෑ මෙම නොදියුණු සත්ත්ව කොටසෙහි ක්‍රියා කාරීන් වේ. මිනිසකු තම මොළයෙන් 2% ත් 4% ත් අතර භාවිත කරන බැව් විද්‍යාත්මක මතයයි. මෙම ආදරයද මිනිසාගේ මොළයෙන් රාගිකව දෙන්නා වූ පණිවුඩය නිර්මාණාත්මකව පරිවර්තනය කිරීමක් යැයි පැවසීම වරදක් නොවේ. මන්ද ආදරය කරන දෙදෙනෙකු එකිනෙකා ආකර්ශනය කර ගැනීමට යමක් කරනුයේ අනාගතයේ දවසක යහන් ගතවීමට නොවේද ?මේ ගැන තව දුරටත් විග්‍රහ කිරීම ඔබට බාර කරමි.

එහෙත් අප මෙහිදී නොදකින තවත් පැතිකඩක් තිබේ. එනම් ආදරයේ හෝ රාගයේ අන්ත දෙක පිළිබඳවයි. ආදරයේ හෝ රාගයේ ඍණාත්මක පැත්ත නම් කෙනෙකුට විරුද්ධ හෝ සම ලිංගිකයන් පිළිබඳ කිසිදු අයුරකින් සංවේදනය නොවීමත් , තමා අන් අයට මෙන්ම තමාටද වෛරීය ස්වභාවයෙන් සිටීමත් වේ. මේ අය සමාජයෙන් කොන් වන්නා සේම දැඩි මානසික පීඩනය යටතේ සිය දිවි හානි කරගැනීමටද එළැඹිය හැකිය.
එසේම කාසියේ අනෙක් පැත්ත වන දැඩි රාගය සහ ආදරය ගත් කල්හි රාගය අධික පුද්ගලයන් අතින් ළපටි , මහලු , සමවයස් කාන්තාවන් හෝ පුරුෂයන් ලිංගික අපයෝජනයට ලක් විය හැකි අතර බොහෝ විට වෛශ්‍යාවන් කරා යොමු වන්නේද , කාන්තා හිංසනයට මුල පුරන්නේද මෙවැනි මිනිසුන් වේ. මහ උළු ගෙදර බොහෝ විට මෙවන් මිනිසුන්ගේ අවසාන නවාතැන වේ. ආදරය අධික වීමද අනෙක් අයට හිරිහැරයක් වීම වළක්වාලිය නොහැක. කෙනෙකු තවත් අයෙකු පිළිබඳව අසීමිතව සොයා බැලීම , දැඩි රැකවරණය ලබා දීම රැකවරණය ලබන්නා අපහසුතාවයට පත් කරනු ලබයි. එසේම අසීමිතව ආදරය කරන්නා බොහෝ විට සිත් තැවුලට පත්වන අතර මානසිකව කඩා වැටී , තම ජීවිතයෙන් වන්දි ගෙවීමට තීරණ ගැනීමද වළක්වනු නොහැකි වනු ඇත.

ආදරයේ සහ රාගයේ නිර්වචනය පුළුල් කිරීමේ හැකියාව ඔබටත් පවතී. අපත් සමග සාකච්ඡා කරන්න.

special thanks for

ආදරය , ලිංගිකත්වය හා ලිංගික අධ‍්‍යාපනය (love , sex , sex education)


Read More »